නෝවාගේ නැව වසා දැමේ; මායා ලෝක විනාශය දා ‘බුගරාච්’ ගමට ඒම සීමා කරයි
ප‍්‍රංශයේ පිරනීස් කන්ද පාමුල පිහිටි බුගරාච් ගම එන මස දී සිදුවෙතැයි කියන ලෝක විනාශයෙන් ආරක්ෂාවන එකම ස්ථානය ලෙස සඳහන් වීම නිසා එම ප‍්‍රදේශය අදාල දින වලදි වසා දැමෙනු ඇත. දෙසැම්බර් 19 සිට 23 දක්වා කාලයේදී කඳු මුදුනට පිවිසීම සීමා කිරීමට ප‍්‍රාදේශීය පාලනය තීරණය කර තිබේ.
මායා වරුන්ගේ දින දර්ශනයේ දැක්වෙන අනාවැකිය පිලි ගන්නා අය මේ දිනයට රොක්වී ප‍්‍රදේශයේ තදබදයක් ඇති කර ජීවන රටාව අවුල් කරනු ඇතැයි ප‍්‍රදේශවාසීන් සහ අධිකාරිය බියවේ. මේ නිසා අපූර්ව බලයක් ඇති සහ ලෝකයන් අතර ගේට්ටුව ලෙස සඳහන්ව ඇති මෙම ප‍්‍රදේශය පොලීසිය හා ගිනි නිවන භටයන් ගෙන් අවහිර කර ඇත. එහි මහජන එක් රැස්වීම් තහනම් කර ඇති අතර දැන් කලාපයට ඉහලින් ගුවන් පියාසර කිරීම් නවතා දැමිමිමටද සලකා බලමින් සිටී.
වැසියන් 200ක් පමණ සිටින ප‍්‍රසන්න පරිසරයක් හා ත‍්‍රාසජනක භූ විෂමතාවන් සහිත මෙම ගම ජනප‍්‍රිය වුනේ 2012 දෙසැම්බර් 21 සිදුවන ලෝක විනාශයක් ගැන ප‍්‍රසිද්ධ වීමෙන් පසුවය.
මේ ප‍්‍රදේශය ගැන කතාබහ ඇරඹුනේ 2010 දි වැසියෙකු විසින් මෙහි නගරාධිපති ජින් පියරේ ඩිලෝඞ් වෙත අනාවැකිය ගැන දැන්වීමත් සමග බව THE GUARDIAN පුවත්පත වාර්තා කරයි. කටකතාවන් මාධ්‍ය මගින් දැන ගැනීම නිසා බොහෝ පිරිස් මෙම ප‍්‍රදේශය නැරඹීමට එති. ආරක්ෂාව සහ අවහිරතා ගැන නගරාධිපති තුමාට ප‍්‍රශ්නයක් වී ඇති අතර ප‍්‍රදේශවාසීන් බියවන්නේ ආගමික රැස්වීම් සහ සමූහ දිවි නසාගැනීම් ආදිය සිදුවෙතැයි කියාය.
- Advertisement -