වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ජලාශ 70වක් ප්‍රතිසංස්කරණය කරන බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පවසයි.
ලබන ජනවාරි මාසයේ සිට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව තවත් අක්කර අඩි 6000 කින් ඉහළ නංවන බව ඔහු පැවසුවේය.
පරාක්‍රම සමුද්‍රයේ මේ වන විට අක්කර අඩි 38,850 ක ජල ධාරිතාවක් ඇත.
එමගින් වගාවන් සඳහා මේ වන විට නිකුත් කළ හැක්කේ අක්කර අඩි 18,250 බව හෙතෙම පෙන්වාදෙයි.
කෙසේ වෙතත් මේ වන විට කඳුකර ප්‍රදේශවලට වර්ෂාව පවතින බැවින් ඉදිරියේදී ජල ප්‍රශ්නය විසඳෙනු ඇති බව අමාත්‍යවරයා පවසයි.