පළමු රන්දෝලි පෙරහැර අදයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ පළමු රන්දෝලි පෙරහැර අද(16) වීදි සංචාරය කරයි. ඉකුත් 11 වැනිදා රාත්‍රී ආරම්භ වුණු කුඹල් පෙරහැර ඊයේ (15දා) නිමාවට පත්විය. අද රාත්‍රී සිට අගෝස්‌තු 20 වැනිදා දක්‌වා රන්දෝලි පෙරහැර රාත්‍රී කාලයේ වීදි සංචාරය කරයි.

21 දවල් පෙරහැර පැවැත්වේ.අද ප්‍රථම රන්දෝලි පෙරහැර රාත්‍රී 8.06 ට ශ්‍රී දළදා මාලිගාව අබියසින් දකුණු දිශාභිමුකව පිටත්ව, දළදා වීදිය, ඩී. එස්‌. සේනානායක වීදිය, පන්සල පාර ශ්‍රීමත් බෙනට්‌ සොයිසා වීදිය, ඊ. එල්. සේනානායක වීදිය, හරස්‌ වීදිය, යළි ඩී. එස්‌. සේනානායක වීදිය යන මාර්ගයන්හි ගමන් කර රන් වීදියෙන් ගෙවදින බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනය කරයි.

 

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...