ප්ලාස්ටික් වතුර බෝතල් නැවත නැවත පාවිච්චි කිරීමෙන් පිළිකා ඇතිවීමට ඉඩක් ඇත්ද?
November 6, 2012
65 Views
දැන් වෙළෙඳ පොළේ තිබෙන පානීය ජල බෝතල් නැවත නැවත පාවිච්චියට ගැනීම හොඳ නැති බවට කථාවක් තිබේ. ඒ වතුර බෝතල් සාදා තිබෙන ප්ලාස්ටික් වර්ගයේ තිබෙන රසායන ද්‍රව්‍යයක් කල්යාමේ දී වතුරට එක් වීමෙන් වඳභාවය හා පිළිකා ඇතිවෙන්නට පුළුවන් බවට අලුත් මතයක් ඇතිවී තිබෙන නිසාය.
එහෙත් මේ මතයේ ඇති විද්‍යාත්මක පදනමක් නැත. ඒ ගැන විමසා දැන ගන්නට කලියෙන් ප්ලාස්ටික් බෝතල් හා ඇසුරුම් තනා තිබෙන දේ ගැන යමක් දැන සිටීම හොඳය.
ප්ලාස්ටික් කියා කියන්නේ ඛණිජ තෙල් පිරිපහදු කිරීමේ දී ඉතිරිවන හයිඩේරාකාබන හෙවත් පොලිමර්(POLYMER)කාණ්ඩයේ රසායන ද්‍රව්‍යයකි. මේ පොලිමර් රසායන අනුවල පිහිටුමේ වෙනස්කම් මත ප්ලාස්ටික් වර්ග කීපයක් තිබේ.
එහෙත් මේ ප්ලාස්ටික් ශරීර සෞඛ්‍යයට ගුණදායක බව මත මූලික ආකාර දෙකකට බෙදයි.
ආහාරයට ගන්නා ද්‍රව්‍ය සමග මිශ්‍ර වූවාට වරදක් නැති ප්ලාස්ටික් FOOD GRADE PLASTICඑක් වර්ගයකි. එසේ නැති ප්ලාස්ටික් ඉතා හොඳින් පිරිසිදු කොට නැති නිසා ආහාර ඇසිරීමට නුසුදුසුය. මේ ප්ලාස්ටික් වර්ග අතරින් වඩාත් පිරිසිදුම ප්ලාස්ටික් වර්ගය වන්නේ බෙහෙත් අසුරා තිබෙන බඳුන් තනා ඇති ප්ලාස්ටික් වර්ගයන්ය. ප්ලාස්ටික් බඳුන්වල හෝ වෙනත් ප්ලාස්ටික් උපකරණවල ගෑරුප්පුව හා වයින් වීදුරුවක සටහනක් තිබෙනු ඔබ සමහරවිට දැක ඇති. මේ ආහාර අසුරන මාදිලියේ FOOD GRADE ප්ලාස්ටික් හඳුන්වන සලකුණයි. ඒ කියන්නේ එවැනි ප්ලාස්ටික්වලින් තනා තිබෙන බඳුන්වල ආහාර ඇසිරීම සෞඛ්‍යයට අහිතකර නැති බවය.
කෑම වර්ගවල තෙල්, ලුණු නොයෙක් අම්ල වර්ග මෙන්ම රසකාරක රසායන ද්‍රව්‍ය තිබේ. මේ කෑම ප්ලාස්ටික් බඳුන්වලට දැමූවිට එම රසායන ද්‍රව්‍ය ප්ලාස්ටික් සමග ප්‍රතික්‍රියා කිරීමට පටන් ගනී. එහි ප්‍රතිඵලය වශයෙන් එම ප්ලාස්ටික් තනා තිබෙන ද්‍රව්‍ය ආහාර වලට එක්වේ. එය ශරීර සෞඛ්‍යයට හොඳ නැත. ආහාර අසුරන මාදිලියේ ප්ලාස්ටික් කියා වර්ගයක් තිබෙන්නේ මේ නිසාය. ඒ ප්ලාස්ටික්වලදී මේ ප්‍රශ්නය නැත. මන්ද ආහාර අසුරන කාණ්ඩයේ ප්ලාස්ටික් තනා තිබෙන වර්ණවත් වෙනත් රසායන ද්‍රව්‍යයක් මුලින් කීවාක් මෙන් ආහාර සමග එකතු වන්නේ නැති නිසාය.
වතුර බෝතල් සිසිල් බිම බෝතල් වැනි දේ වලPET හෝ PETEකියා ලියා තිබෙනු ඔබ දැක ඇති. මින් කියවෙන්නේ මේ බඳුන් පොලි එතිලීන් ටෙරිප්තැලේට් නම් ආහාර ඇසිරීමට සුදුසු ප්ලාස්ටික් වලින් තනා තිබෙන බවය. එනිසා මේ සලකුණ ඇති බෝතල් පාවිච්චියට බිය විය යුතු නැත.
සමහර ප්ලාස්ටික් කෑන් හෝ බූලිවල HDPE (HIGH DENSITY POLYETHELENE කියා සටහන් කොට තිබේ. එ බදුන්වල වතුර දමා තබා බිමට ගත්තාට වරදක් නැත.
මස්වර්ග , මාළු වර්ග අසුරන්නට ගන්නා ප්ලාස්ටික් ආවරණ හෙවත් කටවහරේ දී පොලිතීන් කොළ කියා කියන ආවරණ PVC POLYVINYL CHLORIDE කියා හඳුන්වයි. මේ ප්ලාස්ටික් ආවරණවල විශේෂ ගුණය වන්නේ ඒවා මගින් ආහාර වලට ඔක්සිජන් නිදහස් කිරීමය. පීවීසී පටලවල එතූ මස්, මාළු හෝ එළවළු ස්වාභාවික පාටින්ම බොහෝ කාලයක් තිබෙන්නේ එනිසාය.
“සිලිසිලි බෑග් කියා හඳුන්වන මලු තනා තිබෙන්නේ සැහැල්ලු ප්ලාස්ටික් වර්ගයකිනි. LDPE (LOW DENSITY POLYETHELENE කියන්නේ ඒ ප්ලාස්ටික්වලටයි. මේවාද කෑම අසුරන්නට හොඳ ඒවාය.
ජෑම් බෝතල්වල පියන් යට තිබෙන නම්‍යශීලී ආවරණය වගේම ආහාර අසුරන යකඩ බඳුන්වලට දමා තිබෙන ප්ලාස්ටික් පියන් තනා තිබෙන්නේ PP POLYPROPYLENE කියා හඳුන්වන ප්ලාස්ටික්වලිනි. ඒවාද සෞඛ්‍යයට අහිතකර නැත.
මාළු අසුරා තිබෙන කෑම දමන්නට ගන්නා එකවරක් පාවිච්චි කොට විසිකරන බඳුන් යනාදිය තනා තිබෙන්නේPS POLYSTYRENE ගනයේ ප්ලාස්ටික් වලිනි. කෑම ඇසුරුවාට කිසි ප්‍රශ්නයක් නැති මේ ප්ලාස්ටික් කටවහරේ දී හඳුන්වන්නේ සෘජුෆෝම් කියාය.
මේ කී හැම වර්ගයකම ප්ලාස්ටික් වලින් තනා තිබෙන බඳුන් වල ඒ ප්ලාස්ටික් වර්ගය කවරයක්ද කියා ලියා තිබේ. ඒ කියන්නේ මේවාට අමතර වශයෙන් තිබෙන ප්ලාස්ටික් බඳුන් ආහාර දමන්නට පාවිච්චි නොකළ යුතු බවය.
මේ කී වර්ග හයට ගැනෙන මොන යම්ම හෝ ප්ලාස්ටික් වර්ගයකින් සාදා තිබුණත්, යම් බඳුනක් වෙනත් රසායන ද්‍රව්‍ය දමන්නට යොදා ගත්තේ නම් ඉන්පසු ඒවාද ආහාර දමන්නට සුදුසු නැත.
ගෙදර දොරේ කෑම දමන්නට ප්ලාස්ටික් බඳුන් යොදා ගන්නා විට මතුවෙන ප්‍රශ්නයක් ගැන අවසන් වශයෙන් කීම හොඳය. තුනපහ වර්ග වැඩියෙන් දමා පිසූ කෑම වර්ගයක් හෝ රසකාරක හා සුවඳ යොදා තැනූ කෑම වර්ගයක් අසුරා තිබූ ප්ලාස්ටික් බඳුන් ගැන අත්දැකීම් ඔබට තිබෙනවා ද?
එතැනදී මතුවන ලොකුම ගැටලුව ඒ ප්ලාස්ටික් බඳුන්වල තිබෙන “සුවඳ” යවන්නට බැරිකමය. එහෙත් ඒ සුවඳ පහසුවෙන් යවන්නට ක්‍රමයක් තිබේ. එය මෙසේය.
ආප්ප සෝඩා ගත් හැන්දක් වතුර කෝප්පයකට දමා මිශ්‍රණයක් සාදා ගන්න. එය සුවඳ ඇති ප්ලාස්ටික් බඳුනට දමා තවත් උණුවතුර කෝප්පයක් දමන්න. දැන් බඳුන වසා දවසක් තබන්න. ඉන්පසුව බඳුන විවෘත කොට සාමාන්‍ය වතුරෙන් සෝදා පියන හැර අව්වේ තබා වියළා ගන්න. එවිට බඳුනේ සැර සුවඳ තවත් ඉතිරි වන්නේ නැත. මෙහිදී මතක තබා ගත යුත්තේ බඳුන විශාල වෙන්නට වෙන්නට මුලින් කී අනුපාතයට ආප්ප සෝඩා හා වතුර එක් කොට මිශ්‍රණය සාදා ගත යුතු බවය.
featured Latest slider 2012-11-06