පසුගිය දිනවල අපට අසන්නට ලැබුණු ඉන්දියාවේදී බස් රථයක් තුල සමූහ දුෂණයකට ලක්ව මියගිය ඉන්දීය සිසුවිය පිළිබද පුවතට සමාන පුවතක් මීගමුවෙන් වාර්තා වේ.
මේ දිනවල වේදිකා නාට්‍ය කිහිපයකම රංගනයේ නිරතවන 28 හැවිරිදි ප්‍රකට රූමත් වේදිකා නිළියක හතරදෙනෙකු අතින් දූෂණයට ලක්වීමේ අවාසනාවන්ත සිද්ධියකුයි ඒ. මෙම සිද්ධියද ඉන්දියාවේ බස් රථයේ ඛේදවාචකයට නොදෙවෙනි වේ. මේ සිද්ධිය නිසා එක්දරු මවකද වන මේ නිළිය දැන් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.
මෑත කාලයේ රගදැක්වෙන වේදිකා නාට්‍ය ගණනාවක පුහුණුවීම් හා දර්ශනවාර වලට සහභාගීවීමේ පහසුව පිණිස ඇය මීගමුව ප්‍රදේශයේ නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිටින්නියකි. ඇය තම නේවාසිකාගාරය අසල පැවැත්වූ වර්ෂාවසාන සංගීත සංදර්ශනය නරඹා පසුගිය පළමුවෙනිදාට එළිවන්නට නැවත නේවාසිකාගාරය වෙත ඇවිදගෙන පැමිණ ඇත්තේ තනිවමය. මේ අවස්ථාවේ තමන් ආ ගුරු පාරේ මග රැක සිටි කිසියම් පුද්ගලයෙකු තමාට මරණ තර්ජන එල්ලකර බියගැන්වූ බවත් පසුව තමා ඔසවාගෙන ගිය බවත් ඇය පැවසුවා.
තමන් කෑ ගැසුවත් එය පිටතට නෑසෙන සේ ඔහු කට තද කරන ලද බවත් ලඳු කැලෑ ප්‍රදේශයකට තමාව ඔසවාගෙන ගොස් එතැනදී ඔහු තමාට අතවර කළ බවත් ඇය පවසා සිටියා. පසුව ඔහු දුරකථනයකින් මිතුරන් තිදෙනෙකුට එතැනට එන්නැයි කියා කථා කර තිබූ අතර ඔවුන් තිදෙනාද එතැට විත් වරින්වර තමන් දූෂණය කරන ලද බවත් ඇය වැඩිදුර පැවසුවා.
මේ අවස්ථාවේ තමන්ට හුරු කටහඬක් ඇති අයෙකු මේ සිව්දෙනා අතර සිටි බව ඇයට වැටහී තිඛෙන අතර ඒ වෙනත් කිසිවෙකු නොව තමන් සිටින නේවාසිකාගාරයේ අයිතිකාර අංකල් බව ඇය හඳුනාගත්තා. තමන් හා ගරුසරුවෙන් සුහදව වෙනදාට කථාබහ කරන ඔහුද කිසිදු විළිලැජ්ජාවක් නැතිව පිරිසක් සමග හවුල්වී දූෂණයට සම්බන්ධවී සිටීම ගැන ඇය පුදුම වුණා. ඇය අංකල්ව හඳුනාගැනීම නිසා ඔහු ලැජ්ජාවට පත්වී ඇති අතර පිරිසත් සමග එතැනින් පළා ගොස් ඇත්තේ අනතුරුවය. නමුත් ඒවනවිට ඔවුන් අතින් දූෂණයට ලක්ව ඇය අසාධ්‍ය තත්වයෙන් සිට ඇත. ඇයව කැලෑවේ අතැර දමා ඔවුන් ගොස් තිබුණ පසු අසරණ වූ ඇය කෑ ගසා ප්‍රදේශවාසීන්ගේ උදව් ඉල්ලා රෝහල් ගතවී ඇත. සිද්ධිය පොලිසියට ඇය විස්තර කළේ රෝහලේ සිටයි.
රිමාන්ඩ් භාරයට පැමිණවූ සැකකරුවන් වූයේ ගුවන් භට ඉත්තෑපාන ලූල්බැද්දුම කුරුඳුවත්ත පදිංචි කේ. ඒ. උදිත ලක්‌මාල් ජයතිලක (26), ගුවන් භට මැදිරිගිරිය නව නගරය යාය 4 පදිංචි පී. ඩී. සුනිල් ශාන්ත (40), වඩුකාර්මික ශිල්පියකු වූ මීගමුව කිඹුලාපිටිය ගල්මන්කඩ පදිංචි එල්. බුද්ධික ප්‍රේමරත්න (32) සහ නේවාසිකාගාර හිමි කරුවකු වන කදිරාන පේෂකර්ම ගම්මානයේ පදිංචි කේ. පැට්‌රික් ප්‍රනාන්දු (54) නමැත්තන්ය.
ඔවුනට සුදුසු දඩුවම් තීරණය නීතියට නොව ඔබට භාර කරමු !