19.4 C
London
Thursday, June 19, 2025
spot_img

ප්‍රතිපත්තිය

මෙය එංගලන්තයේ සත්වෝද්‍යානයක වඳුරන් සම්බන්ධ කරගෙන කරන ලද පරීක්‍ෂණයකි. එහිදී පර්‍යේෂකයන් විසින් වඳුරන් 8 දෙනෙකු එක් කාමරයකට දමා වසන ලදී. එම කාමරය මැද ඉනිමඟක් වූ අතර ඉනිමඟට උඩින් සිවිලිමේ කෙසෙල් ගෙඩි කිහිපයක් එල්ලා තිබුණි. වඳුරෙකු ඉනිමඟ දිගේ නැඟ කෙසෙල් ගෙඩි ගන්නට උත්සාහ කරන හැම වතාවකම අනෙක් වඳුරන් සත් දෙනා අධික සීතල වතුර ප්‍රහාරයකට ලක් විය.

කාමරයේ තිබූ සිසිල් බවත් සමඟ සීතල වතුරෙන් නැහැවුණු වඳුරන් ඉතා දුක්ඛිත තත්වයකට පත්විය. වඳුරෙකු ඉණිමඟ දිගේ නගින්න පටන් ගත් වහා ජල ප්‍රහාරය වදින බව වටහා ගත් සෙසු වඳුරෝ ඉතාමත් ඉක්මනින් කුමන වඳුරෙක් ඉනිමඟ දිගේ නගින්නට වෑයම් කළත් එක්ව ඌට පහර දී බිමට ඇද දමන්නට පුරුදු වූහ. අවසානයේ කිසිම වඳුරෙකු ඉනිමඟ නැගීමට උත්සාහ නොගෙන පැත්තකට වී බලා සිටින තත්වයක් උදා විය.

මින් අනතුරුව එක් වඳුරෙකු කාමරයෙන් ඉවත් කර ඒ වෙනුවෙට තවත් වඳුරෙකු කාමරයට දමන ලදී. පෙර සිදුවූ කිස්වක් නොදත් අලුත් වඳුරා වහාම කෙසෙල් ගෙඩි දැක එය ගන්නට ඉනිමඟ දිගේ නගින්නට වෑයම් කළේය. එවිටම අනෙක් වඳුරෝ සියල්ල එක්වී අලුත් වඳුරාට පහර දී ඌ බිම ඇද දැමූහ. අලුත් වඳුරාට සිදුවූ දේ පිළිබඳ කිසිම අවබෝධයක් නොවීය. කෙසේ වෙතත් ඌ නැවත ඉනිමඟ දිගේ නැග කෙසෙල් ගන්නට වෑයම් කළේ නම් නැත.

නැවතත් පෙර කාමරයේ සිටි වඳුරෙක් ඉවත් කර තවත් අලුත් වඳුරෙක් එක් කිරීමට පර්‍යේෂකයෝ කටයුතු කළහ. දෙවැනි වරට පැමිණි අලුත් වඳුරාද කෙසෙල් පිරුණු පැස දැක එය ගන්නට ඉනිමඟ දිගේ නගින්නට පැන්නේය. නමුත් නැවතත් පෙර සිටි වඳුරෝ සියල්ලම එක්වී ඌට පහර දී බිම ඇද දැමූහ.

එම පහර දුන් කණ්ඩායමට පෙර වාරයේ අලුතින් එක්වූ වඳුරාද එක්වී සිටියේය. මෙවර පහර කන්නේ තමා නොවන නිසාත්, අනිත් වඳුරන් සියල්ලම දෙවැනි වර පැමිණි වඳුරාට පහර දෙන නිසාත් ඌ එයට එක්වූවා හැරෙන්නට ඊට පෙර සීතල ජල ප්‍රහාරය ඇතුළු පහර දීමට හේතු වූ කරුණු කිසිවක් ඌ දැන සිටියේ නැත.

මෙලෙස එකින් එක මුලින්ම කාමරයට දමා තිබූ ඉතුරු වඳුරන් 6 දෙනාම ඉවත් කරන ලදී. ඒ අනුව කාමරයේ දැන් සිටින වඳුරන් සියලු දෙනාම කිසිම විටකදී සීතල වතුර ප්‍රහාරයකට ලක් වූවන් නොවේ. ඔවුන් කිසිවෙකුත් ඉනිමඟ නගින්නට වෑයක් නොකරන අතර කාමරයට දමන මොනයම් අලුත් වඳුරෙක් ඉනිමඟ නගින්නට වෑයම් කළොත් ඉතාමත් උද්‍යෝගයෙන් ඌට දැඩි ලෙස පහර දී බිම හෙළයි. ඒ කිසිවෙක්ට එලෙස පහර දෙන්නේ ඇයි දැයි කියා කිසිම අදහසක් නැති අතර පහර කන වඳුරාද ඉතා ඉක්මණින් පහර දෙන්නන්ගේ ගොඩට එක්වෙයි.

සිරිලක රාජ්‍ය අංශයේ ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ මීට සමාන අන්දමකින්ද? විසඳුම පැහැදිලිව පෙනෙද්දී පෙර සම්ප්‍රදායන් නිසා එය කරා යන්නට ඔවුන්ට ඉඩක් නැති හැටි!

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles