ප්‍රධාන පක්ෂ අද හෙට නාමයෝජනා ‍දෙයි

එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ බොහොමයක් අද (18) සිය නාමයෝජනා භාරදීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂය ද දිස්ත්‍රික් ගණනාවකට නාමයෝජනා භාරදීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

අදාළ පළාත්වල ප්‍රසාදය දිනාගත් නවක අපේක්ෂකයින් බොහෝ දෙනෙක් මෙවර එක්සත් ජාතික පක්ෂ නාම ලේඛනයට ඇතුළත් කර ඇති බව ඔහු පවසයි.

මහ ඇමති අපේක්ෂකයින් දැනුම්දීම නාමයෝජනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බව තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද අද (18) සහ හෙට (19) යන දෙදින තුළ පළාත් සභා මැතිවරණයට අදාළ නාම‍ යෝජනා භාර දීමට නියමිතය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙකු කණ්ඩායම් නායකයින් ලෙස කටයුතු කරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා පත්‍රවලට අදාළ කටයුතු ඊයේ (17) රාත්‍රිය වන විටත් සිදුකෙරිණ.

කෙසේ වෙතත් හෙට (19) දිනය තුළ අදාළ නාමයෝජනා භාරදීම සිදුකෙරෙණු ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මැතිවරණයට අදාළ ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12න් අවසන් වනු ඇත.

නාම යෝජනා භාරදීම හෙට (19) දහවල් 12ට අවසන් වීමට නියමිතය.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...