ඊශ‍්‍රායලයේ සිදුක කරන ලද සංචාරයක් අතරතුරදී මුහුදේ නිරුවතින් නෑම සම්බන්ධයෙන් ඇමරිකා රිපබ්ලිකන් පක්‍ෂයේ කොංග‍්‍රස් නියෝජිත කෙවින් යෝඩර් සමාව අයැද සිටී. ඊශ‍්‍රායල් සංචාරයේ යෙදුනු ඇමරිකානු නියෝජිත පිරිසේ සිටි දේශපාලඥයන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට අයත් විසි හත් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ගලීල මුහුදේ ගොස් ඇති අතර එහිදී යෝඩර් පමණක් නිරුවතින් පිහිනීම සඳහා මුහුදට බැස තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුනේය. ජේසුස් වහන්සේ ජලය උඩින් ගමන් කලේ ගලීල මහුදේ බව බයිබලයේ සඳහන්ය. එහෙත් එහි ස්නානය කිරීම නීති විරෝධී නොවන අතර ප්‍රරසිද්ධියේ නිරුවතින් නෑම පිළිගත නොහැකි යයි ඊශ‍්‍රායල පෙලීසිය පවසා තිබිනි. තම නියෝජිත පිරිස අපහසුතාවයට ලක්වීම පිළිබඳව තමන් කණගාටු වන බව පවසන යෝඩර් ඒ සම්බන්ධයෙන් සමාව අයදින බව ප්‍රකාශ කර ඇත.
