පාරේ බැහැල යන්න බැරි තරමට අපරාධ වැඩිවී ඇතැයි යන්න ඇතැමුන් කියා සිටියද එය වැරදි අදහසක් බව ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජාත්‍යන්තර ආයෝජකයින් වැඩි වැඩියෙන් අපේක්ෂා කරන හා සංචාරක ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති යුගයක එවැනි මතවාද ප්‍රචාරය කිරීම නුසුදුසු බව හෙතෙම පෙන්වා දෙයි.
“අපරාධ,දූෂණය හා ජාතික ආරක්ෂාව”පිළිබඳ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සම්මන්‍ත්‍රණයේදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.
උතුරේ ස්ත්‍රී දූෂණ හා අපරාධ වැඩිවී ඇති බැවින් ආරක්ෂක හමුදා උතුරෙන් ඉවත් කළ යුතු බවට තානාපතිවරියක් විසින් තමාට කියා සිටි බවත්,ඇය එසේ කියා සිටියේ මාධ්‍ය මගින් පළවූ වාර්තා පදනම් කරගෙන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
මාධ්‍ය මගින් පළකෙරෙන ඇතැම් වැරදි තොරතුරු හේතුවෙන් විදේශීය රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි මතයක සිටින බවත්,මාධ්‍ය තුළින් රටට සුබදායක දෙයක් බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.
උතුරේ සන්නද්ධ කණ්ඩායම් මේවන විට නිරායුධ කර ඇති බවත්,නීති විරෝධී ලෙස ඉඩම් ගොඩකිරීම් නවත්වා ඇති බවත්,අපරාධ පාලනය කිරීම සඳහාද වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.