11.3 C
London
Saturday, May 17, 2025
spot_img

පැරලිම්පික් උළෙල අද ඇරඹෙයි

ලොව පුරා විසිර පැතිර සිටින ආබාධිතයන්ගේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන පැරලිම්පික් ක්‍රිඩා උළෙල අද (29) එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී ආරම්භවේ. බ්‍රිතාන්‍යයේ වේලාවෙන් අද රාත‍්‍රී 8.00 ට සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් යෙදී ඇත්තේ 30 වැනිදා අලූයම 1.30 ටය. බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජින විසින්ම පැරලිම්පික් ක්‍රිඩා උළෙලද විවෘත කරනු ලැබීමට නියමිතය. මෙවර පැරලිමිපික් උළෙලට රටවල් 165 කින් විවිධ ආබාධ සහිත ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 4321 ක් සහභාගි වෙති. ඊට එක්ව සිටින නිලධාරීන් ගණන 2405 කි. ශ්‍රී ලංකාව මෙතෙක් පැරලිම්පික් පදක්කමක් දිනා ගෙන නොතිබුණත් මෙවරත් ක්‍රිඩකයෝ 6 දෙනකක් සහ ක්‍රිඩිකාවක් පැරලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා ලන්ඩන් ගොස් සිටිති. යුද්ධයේදී ජොනී බට්ටකු පෑගීමෙන් පාදයක් අහිමිවූ ටෙනිස් ක්‍රිඩක උපාලි රාජකරුණා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර ඔහු මෙන්ම ගාමිණී දිසානායකත් 2008 දී බීජිං පැරලිම්පික් උළෙලටත් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ වෙති.

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles