ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පැරා ඔලිම්පික් තරඟාවලියේ ගිනිසිළුව ලන්ඩනයේ ස්ට්‍රට්ෆර්ඩ් ක්‍රීඩාංගනය කරා ගෙනයනු ලැබීම ආරම්භ වුනේ එම ක්‍රීඩා උළෙල පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ උසම කඳුශිඛර මත ගිනිසිළු දැල්වීමෙන්. අබාධිතයන් ද ඇතුළත් බාලදක්‍ෂ කණ්ඩායම් එංගලන්තයේ, ස්කොට්ලන්තයේ, වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ කඳුශිඛර මත ගිනිසිළු දැල්වීමට හවුල් විය. ආකර කම්කරුවන් විසින් පාවිච්චි කරනු ලබන ලන්තෑරුම් තුළ රැඳවූ ගිනිසිළු ලන්ඩන්, කාඩිෆ්, එඩින්බ්‍රා සහ බෙල්පාස්ට් යන ජාතික අගනගර කරා ගෙනයනු ලැබීම ඉන් අනතුරුව ආරම්භ කරනු ලැබීමට නියමිතයි. අගෝස්තු විසි නවවැනිදා ආරම්භ කෙරෙන ලන්ඩන් පැරා ඔලිම්පික් තරඟාවලියට වාර්තාගත මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වෙති.
