11.3 C
London
Friday, May 16, 2025
spot_img

පැලවත්තේ බුද්ධමන්දිරය යලි ඉදිවෙන ලකුණු

බත්තරමුල්ල පැලවත්ත පාලම්තුන මංසන්දියේ ඉදිකර තිබූ බුද්ධ මන්දිරය 8 වැනිදා දහවලදී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඩෝසර් කර බිමට සමතලා කරනු ලැබුවා. නාගරික සවංර්ධන අධිකාරියේ අනුදැනුම මත කඩුවෙල නගර සභාව විසින් බුද්ධ ප්‍රතිමාවහන්සේ සහිත මෙම බුදු මැදුර කඩා ඉවත් කිරීම සිදු කර තිබුණා. සිත් පිත් නැතිව සියලු විහාරාංග විනාශ කර දැමු නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් ඒ සඳහා ධර්ම චක‍්‍රය හිසලාගත් පොලිස් ලොක්කන්ගේද ආරක්‍ෂාව ලබා ගෙන තිබිණ.

එහෙත් ඊයේ පැලවත්ත මං සන්ධියට ඒකාරාශී වූ ප්‍රදේශවාසී බෞද්ධයන් විශාල පිරිසකගේ විරෝධතාවය හමුවේ ඉහළම පොලිස් නිළධාරීන්ට ඊට මැදිහත්වීමට සිදු විය. ඒ අනුව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැමිණ පවසා සිටියේ මේ සම්බන්ධයෙන් ගරු ආරක්‍ෂක ලේකම්තුමා දැඞ් කණසල්ලෙන් පසුවන බවත් ඒ සම්බන්ධයෙන් නිසි ක‍්‍රියා මාර්ග ගනිමින් සිටින බවත්ය. ඒ අනුව පැවැත් වූ සාකච්චාවේදී ආරක්‍ෂක ලේකම්තුමාගේ අනුදැනුම ඇතිව එම ස්ථානයේ රමණීය නව විහාරයක් “මාස තුනක් ඇතුළත” ඉදිකිරීමට පොරොන්දු වූ බවත් ඒ සඳහා අඩි 06ක බුද්ධ ප‍්‍රථිමාවක් දැනටමත් ඇණවුම් කර ඇති බවද ඔහු පවසා සිටියේය.

කඩා බිඳ දැමු සුන්බුන් ඉවත් කොට තාවකාලිකව වන්දනා මාන කිරීම සඳහා අඞ් 03ක උසකින් යුත් බුද්ධ ප‍්‍රථිමාවක් පෙරහැරකින් වඩමවා තැන්පත් කොට බෝධි පූජාවක් ද පැවැත්වීමෙන් අනතුරුව පිරිස ජයග‍්‍රාහී ලෙස විසිර විසිරගොස් ඇති බව වාර්තා වේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles