පිටසක්වල ජීවය ගැන නව තොරතුරු ඇන්ටාක්ටිකාවෙන් මතුවේ
ආලෝකය හෝ ඔක්සිජන් නොමැතිව ඇන්ටාක්ටිකාවේ විලක පතුලෙහි අයිස් යට සැඟවී තිබුණ ජීව ආකාරයන් සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකිවී ඇත. වෙනත් ග‍්‍රහලෝක වලද සමාන තත්වයන් යටතේ ජීවයක් තිබිය හැකැයි මෙයින් ඉඟි කරයි.
විඩා විලෙහි අඩි 50ක් අයිස් යට ඝනීභවනය නොවූ ලවණ අධික ජලයේ සෙල්සියස් අංශක -13ක උෂ්නත්වයේදී විවිධ බැක්ටීරියා ආකාර තිබී ඇත.
මෙම ජලය සාමාන්‍ය මුහුදු ජලය මෙන් 5-6 ගුණයක් ලවණතාවයෙන් යුක්ත වේ. කාන්තාර පර්යේෂන ආයතනයේ විශේෂඥයන් මෙම ඝන අයිස් තට්ටුව සිදුරු කර සාම්පල ලබා ගන්නා තෙක්ම, වසර දහස් ගණනක් එම ජලය අවකාශයෙන් වෙන්ව තිබී ඇත. සාමාන්‍ය අවකාශයක මෙන් දහයෙන් එකක් ක්ෂුද්‍ර ජීවීන් සොයා ගැනීමට හැකිවී තිබෙන අතර එය පර්යේෂකයන් සිතුවාටත් වඩා වැඩි අගයකි. ඔවුන්ගේ සාම්පලයෙන් බැක්ටීරියා වර්ග 32ක් හමුවී ඇත.
පර්යේෂකයන් තවමත් අයිස් යට ජීවය ආරක්ෂා වුයේ කෙසේදැයි පැහැදිලි කර ගැනීමට උත්සාහ දරන අතර ලවණ ජලය සහ පතුලේ වූ ගල්වල යකඩ ප‍්‍රතික‍්‍රියා කිරීමෙන් හයිඩ‍්‍රජන් නිදහස් වූ බවටද සැක කෙරේ.
තවත් සාම්පල ලබා ගැනිමට සහ අයිස් රහිත කරදිය තිබේ දැයි සොයා බැලීමට ඔවුන් නැවත විල වෙත යාමට බලාපොරොත්තු වෙයි. මෙම ප‍්‍රතිඵල විද්‍යාඥයන්ට පෘථිවිය මත ඇති ජීවයට වඩා වැඩි යමක් පෙන්නුම් කරයි. මෙවැනි ශීත පරිසර ජීවීන් විශ්වයේ තවත් සිටිය හැකි අතර ඔවුන්ට ඒවායේ ජීවය පවත්වාගත හැකි වේදැයි විද්‍යාඥයන් සොයාගත යුතුය.
මෙම පර්යේෂණයේ ප‍්‍රතිඵල වලින් ඇන්ටාක්ටිකාවේ විශාලම අයිස් විල වන VESTOCK හි ජීවය ඇත්දැයි සොයන පර්යේෂකයන්ට නව බලාපොරොත්තුවක් දී ඇත.
- Advertisement -