‘පිටසක්වල’ ජීවී හැඩැති හිස්කබල් සොයා ගැනේ

මෙක්සිකෝවේ පැරණි වැලලූන භූමියකින් පිටසක්වල ජීවී හැඩයෙන් යුත් හිස්කබල් සහිත ඇටසැකිලි හමුවී ඇත. වාරිමාර්ග පද්ධතියක් සඳහා කැනීම් කල පිරිසක් විසින් මෙක්සිකෝවේ සොනාරා ප‍්‍රදේශයේ එල් සිමන්ටේරියෝ නම් භූමියකින් මේවා සොයාගෙන ඇත.

ටයිම් වාර්තා කරන පරිදි මෙම හිස්කබල් ක‍්‍රිස්තු වර්ෂ 940 – 1308 අතර කාලයට අයත් යයි සැලකේ. මේවා 1970 යුගයේ ප‍්‍රසිද්ධ වූ සැටඬේ නයිට් ලයිවු හි සිටි පිටසක්වල පවුල වන ‘කෝන්හෙඞ්ස්’ ට සමාන වනසේ සිතිමතාම විකෘති කර ඇති බවක් පෙනෙන්නට තිබේ.

මෙම ව්‍යාපෘතියේ වැඩකල ඇරිසෝනා ප‍්‍රාන්ත සරවියේ පර්යේෂිකා ක‍්‍රිස්ටිනා ගාර්සියා මොරෙනෝ ABC නිවුස් වෙත කියා තිබුණේ හිස්කබල් 25 කින් 13 ක් මෙසේ විකෘති කර තිබූ බවයි.

දකුණු මධ්‍යම හා දකුණු ඇමරිකානු ස්වදේශික කණ්ඩායම් අතර මෙම හිස්කබල් විකෘති කිරීමේ චාරිත‍්‍රය සඳහන් වුවද උතුරු ප‍්‍රදේශවල මෙය සොයාගත් පලමු අවස්ථාව මෙයයි.

සයන්ස් නාලිකාවේ රයන් මැතිවු හෆ්පෝස්ට් වෙබ් අඩවිය සමඟ සාකච්ඡවකදී මෙම හිස් කබල් විකෘති කිරීමේ ක‍්‍රියාවලිය ලමා අවධියේ සිට සිදු කල යුත්තක් බව කියා ඇත.

දරුවන් ඉපදුනු විගස හිස ඉතා මෘදු නිසා හිසවටා පුවරු දෙකක් ආරක්ෂිතව ඔතා තැබීමෙන් මෙය සිදු කරන්නට ඇතැයි ඔහු පවසයි. එය මාස ගණනාවක කි‍්‍රියාවලියක් බවද ඔහු කියා ඇත.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...