19.4 C
London
Thursday, June 19, 2025
spot_img

පිටසක්වළ ජීවින්ට පණිවුඩ යැවීමේ වැඩසටහනක්

පිටසක්වළ ජීවයක් පවතීද යයි විශ්වය පුරා සොයා බලමින් සිටි ඉතිහාසය වෙනසකට ලක් කරමින් පිටසක්වළ බුද්ධිය ඉලක්ක කරමින් පණිවුඩ යැවීමේ වැඩසටහනක් ජුනි 17දා ආරම්භ වී තිබේ.

ලෝන් සිග්නල් නම් මෙම වැඩසටහන සමග කටයුතු කරන විද්‍යාඥයින් මේ සඳහා ග්ලයිස් 526 නම් රතු වාමන තාරකා පද්ධතියක් තෝරාගෙන ඇති අතර එය පෘථිවියට ආලෝක වර්ෂ 17.6ක් ඈතින් පිහිටා ඇත.

දෛනිකව නිකුත් කරනු ලබන රූපවාහිනී සහ ගුවන් විදුලි ආදී විද්‍යුත් චුම්භක තරංග පිටසක්වළ බුද්ධියක අවධානය දිනාගැනීමට ප‍්‍රමාණවත් නොවන බව දක්වන එහි ප‍්‍රධාන විද්‍යා නිලධාරී ජේකබ් හක්-මිස්රා පවසන අන්දමට මෙම ව්‍යාපෘතිය හරහා කැලිෆෝනියාවේ පිහිටා ඇති ජේම්ස්බර්ග් පෘථිවි මධ්‍යස්ථානය මගින් යම් ඉලක්කයකට ප‍්‍රබල සංඛ්‍යාත පරාසයක පණිවුඩ යැවීම සිදු කළ හැකි වනු ඇත.

පෘථිවියේ පිහිටීම, ආවර්තිතා චක‍්‍රයේ මූලද්‍රව්‍ය සහ හයිඩ‍්‍රජන් පරමාණුවේ සැකැස්ම අන්තර්ගත කොට තාරකා විද්‍යාඥ මයිකල් බර්ෂ් විසින් සම්පාදනය කළ ආමන්ත‍්‍රණ පණිවුඩයක් මේ හරහා සම්පේ‍්‍රෂණය කිරීමට නියමිතය.

ලෝන් සිග්නල් වැඩසටහනේ සුවිශේෂීත්වය වන්නේ අන්තර්ජාල පහසුකම් සහිත ඕනෑම පුද්ගලයෙකුට මුදල් ගෙවා පිටසක්වළ බුද්ධිය වෙත පණිවුඩයක් යැවීමට ඉඩ සලසා තිබීමයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles