පිටසක්වළ ප‍්‍රහාරයකට මුහුණදීමට අප තවමත් සූදානම් නැහැ – රුසියාව October 4, 2013 Comments Off on පිටසක්වළ ප‍්‍රහාරයකට මුහුණදීමට අප තවමත් සූදානම් නැහැ – රුසියාව 7 Views රුසියානු අභ්‍යවකාශ බලසේනාව පිටසක්වලින් එල්ල වන ප‍්‍රහාරයකට මුහුණදීම සූදානම් නොමැති බව රුසියානු ආරක්ෂක නිලධාරියෙකු පවසා තිබේ. මොස්කව් ආසන්නනේ පිහිටා ඇති ටිටොව් අභ්‍යවකාශ පද්ධති පාලන මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පිටසක්වළින් එල්ල වන ප‍්‍රහාරයකට මුහුණ දෙන අන්දම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු වශයෙන් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප‍්‍රධානි සර්ජි බ්‍රෙෂ්නොයි කියා ඇත්තේ පිටසක්වල ජීවීන්ට මුහුණදීම තමන්ගේ අරමුණ නොවෙතත් පෘථිවිය සහ ඒ අසල අවධානය ලක් කළ යුතු බොහෝ ගැටළු ඇති බවයි. රුසියානු ගුවන් ආරක්ෂණ බලසේනාව විසින් මෙහෙයවන ටිටොව් අභ්‍යවකාශ මධ්‍යස්ථානය හරහා රුසියාවේ සිවිල් සහ යුධ සන්නිවේදන චන්ද්‍රිකාවලින් 80%ක් පාලනය කෙරෙන අතර අභ්‍යවකාශ යානා සහ උපක‍්‍රමික බැලස්ටික් මිසයිල ගුවන්ගත කිරීම්ද පාලනය කරනු ලබයි. නිලධාරීන් සහ සෙබළුන් 1000ක් පමණ ටිටොව් මධ්‍යස්ථානයේ සේවය කරන බව පැවසේ. 2011දී මිසයිල ආරක්ෂණය, ගුවන් යානා යුධ කටයුතු සහ අභ්‍යවකාශ පරිපාලනය යන ක්‍ෂෙත‍්‍ර රැසක් සඳහා පැවති සේනාංකයන් ඒකාබද්ධ කර රුසියානු අභ්‍යවකාශ බලසේනාව ගොඩනගනු ලැබිනි. රේඩාර් මධ්‍යස්ථානයන් රැසක් සහිතව ගොඩනැගූ බැලස්ටික් මිසයිල ගුවන්ගත කිරීම පිළිබඳ අනතුරු හැගවීමේ මධ්‍යස්ථානයක්, අභ්‍යවකාශ චරපුරුෂ මධ්‍යස්ථානයක්, ප්ලෙසෙට්ක් හි පිහිටා ඇති මිලිටරි ගගනගාමීන් පුහුණු මධ්‍යස්ථානය සහ කුරාහි පිහිටා ඇති මිසයිල අත්හදා බැලීමේ අංගණය මෙම බලසේනාව සතුව පවතී. පිටසක්වල ප‍්‍රහාරයකට මුහුණ දිය නොහැකි වුවද ගෝලීය පරිමාණයේ තර්ජනයන්ට මුහුණදීම සඳහා අතිශය ප‍්‍රබල සහ අධි තාක්ෂණික මාධ්‍යයන් රුසියානු අභ්‍යවකාශ බලසේනා සතුවන බව යුධ විශේෂඥයන්ගේ පිළිගැනීමයි. Share awesome Don't Miss featured Latest pretty cool slider spotlight 2013-10-04 ceylonradio Share Facebook Twitter Google + Pinterest