පින්කි පිරිමියෙක්

තරුණියක දූෂණය කිරීමේ චෝදනාවකට හසුවී ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනයකට ලක්වූ අන්තර් ජාතික රන් පදක්කම්ලාභී ඉන්දියා මලල ක්‍රීඩිකාවක් වන පින්කි ප්‍රමානික් පිරිමියකු බව වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වීමෙන් පසුව ඔහුට විරුද්ධව නඩු පැවරීමට එරට පොලිසිය පියවර ගත්තේය.

පසුගිය ජූනි මාසයේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් පින්කි පසුව වෛද්‍ය පරික්ෂණයට යොමුකෙරුණු අතර එහි වාර්තාව දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කළ බව ඒ සඳහා පත්කළ විශේෂ වෛද්‍ය කමිටුව සඳහන් කළේය.

~පින්කි කාන්තාවක් ‍නොවන බව වෛද්‍ය පරික්ෂණයෙන් තහවුරු වුණා. එම වෛද්‍ය වාර්තාව අපි දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කළා.~ ලිංග පරික්ෂණය සිදුකළ වෛද්‍ය කමිටුවේ සභාපති බී.එන්.කහාලි ඒ.එෆ්.පී.පුවත්සේවයට පැවැසීය. කෙසේවුවත් මේ සම්බන්ධව ඉන්දියා මලල ක්‍රීඩා බලධාරීහූ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියහ.

2006 වසරේ ආසියා ක්‍රීඩා උලෙළේ දී කාන්තා මීටර් 400 සහය දි‍වීමේ තරගයෙන් රන් පදක්කම් දිනූ ඉන්දියා කණ්ඩායමේ සාමාජිකාවක් වූ පින්කි, එම වසරේදීම පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ මීටර් 400 සහය දිවීමේ තරගයෙන් රිදී පදක්කම දිනාගත්තාය. 2007 වසරේ දී ක්‍රීඩාවෙන් සමුගත් පින්කි තරුණියක දූෂණය කිරීමේ චෝදනාවට හසුවූයේ පසුගිය ජූනි මාසයේ දීය.

Check Also

ඡන්දෙට එනවාද? නැද්ද? – මෙන්න සංගා ගේ උත්තරේ

ඉන්දීය කණ්ඩායම සමග ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පසු තමන් ටෙස්ට් කි‍්‍රකට් ...

සංගා එජාපයෙන් මහ ඡන්දෙට

විටින් විට ක්‍රීඩා ක්ෂේත්‍රය හා දේශපාලනය ක්ෂේත්‍රය උණුසුම් කරනු ලබන කුමාර් සංගක්කාරගේ දේශපාලන ආගමනය පිළිබද ...