පින්ලන්ත කත කෙළෙසා දේපලත් කොල්ල කයි

පින්ලන්ත ජාතික කාන්තාවක් පදිංචිව සිටි හික්කඩුව ගෝණා පීනුවල පිහිටි නිවසකට (18) ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙක් විසින් ඇය දූෂණය කොට ඇය සතුව තිබූ යූරෝ හාරදහසක් සහ රුපියල් ලක්‍ෂ දෙකක් ඇතුළු ජංගම දුරකථනය සහ විදේශ ගමන් බලපත්‍රය ඇතුළු දේපල කොල්ලකා පළාගොස් තිබේ. අපරාධය සිදුවූ සැණින් විදේශීය කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දේපලද සොයාගෙන තිබේ. අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර පරික්‍ෂණ ආරම්භ කොට තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...