පුරස්ථිතය පිලිකා වැළඳීමේ අවධානමක් සහිත පුරුෂයන් හඳුනා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ඇතුලු ලොකයේ අනෙකුත් රටවල් සුලබව භාවිතා කරනු ලබන පර්යෙෂණයක් ලෙස පුරස්ථිතය සඳහා වූ ප්රතිදේහජන්යය පර්යෙෂණය (Prostate-specific Antigen-PSA) හඳින්විය හැක. නමුත් විචාරකයන් පවසනුයේ පිළිකා තත්වය හානිකර නොවූ මූලික අවස්ඵාවේ තිබුණද පර්යෙෂණයට අදාළ ප්‍රතිකාර මඟින් දරුණු අතුරු ආබාධ ඇති කිරීමේ අවධානමක් පවතින බවයි.
PSA පර්යෙෂණයේ නිරවද්‍ය භාවය පරීක්ෂා කිරීම සඳහා දැනට රෝග ලක්ෂණ පෙන්නුම් කරන රොගීන් පමනක් සහභාගී කරගනිමින් එක් එක් රෝගියා මත පදනම්ව පර්යෙෂණ පවැත්වයි.
“Cancer” නැමැති විද්‍යුත් සඟරාවේ පල වූ අධ්‍යන වාර්ථාවක, PSA පර්යෙෂණය හඳුන්වා දීමට ප්‍රථම, 1980 මුල් අවදියේ තිබූ පුරස්ථිතය පිලිකා තත්වයක් පිලිබඳ සමීක්ෂණයක් ඉදිරිපත් කර තිබේ. පුරස්ථිතය පිලිකා ශරීරයේ අනෙකුත් අවයව වලට පැතිරීමට ප්‍රථම මූලික අවස්ථවේදීම හඳුනා ගනීම සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරීමට PSA පර්යෙෂණය සමත් වී ඇති බව සමීක්ෂණය මඟින් පෙන්ව දෙයි.
PSA පර්යෙෂණය මඟ හැරීමෙන්, දැනට පුරස්ථිතය පිලිකාව වැඩි දියුණු වූ අවධියක පසුවන පුරුෂයන් මෙන් තුන් ගුණයක් පුරුෂයින් එම තත්වයට ගොදුරු විය හැකි බව විද්‍යාඥයින් පවසයි.
Check Also
බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්
නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...
මහරැජිණ මාළිගය හැරයයි
බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...