නිමාවූ ආසියානු යොවුන් ක්රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර ඉසව්ව තත්පර 51.52න් නිම කර නව ශ්රී ලංකා වාර්තාවක් සමගින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මැතිව්ස් අබේසිංහ පසුගියදා සමත්විය.
නැන්ජින් ඔලිම්පික් ක්රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකයේ පැවැති මෙම තරගයේ පැරණි ශ්රී ලංකා වාර්තාවද ඔහු සතුවීම විශේෂත්වයකි. ඒ අනුව පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවැති ආසියානු වයස් සීමා පිහිනුම් ශූරතාවයේ මීටර් 100 නිදහස් ආර තත්පර 52.02න් නිම කර පැරණි වාර්තාව පිහිටුවා තිබිණි. ක්රීඩා උළෙලේම ඉසව් තුනක් සඳහා තරග වැදි මැතිව්ස් සහභාගි වූ ඉසව් දෙකකින්ම පදක්කම් බලාපොරොත්තුව ගිලිහුණු අතර සහභාගි වූ අවසන් ඉසව්වේ ජයග්රහණය හිමිකර ගත්තේය. මෙහිදී මැතිව්ස්ගේ පියා මනෝජ් අබේසිංහ ඔහුගේ පුහුණුකරු මෙන්ම පිහිනුම් කණ්ඩායම් භාර නිලධාරියා ලෙස ක්රියාකිරීම විශේෂ විය.
ඒ අනුව ආසියානු යොවුන් ක්රීඩා උළෙලේ ශ්රී ලංකාව පදක්කම් 06ක් දිනාගත් අතර පිහිනුම් ක්රීඩාව සඳහා එකම ලෝකඩ පදක්කම මැතිව්ස් අබේසිංහට හිමිවිය. මීටර් 800 බාලිකා ඉසව්වෙන් ලෝකඩ පදක්කම නිශාන්ති දිල්හානිත්, මීටර් 400 බාලිකා ඉසව්වෙන් නිර්මාලි ලෝකඩ පදක්කම සහ මීටර් 400 කඩුලු මතින් දිවීම ලෝකඩ පදක්කම අනුරාධ විසුසංඛ ශ්රී ලංකාව නියෝජනයෙන් දිනා ගැනීමට සමත් විය. මිහිලියා මෙත්සරණි ස්කොෂ් බාලිකා ඉසව්වෙන් එකම ලෝකඩ පදක්කම දිනා ගත් අතර මීටර් 110 කඩුලු මතින් දිවීමේ රිදී පදක්කම ශ්රී ලංකාව සතුවිය.
Rivira