පුටින් රුසියානු ආරක්‍ෂක ඇමති ධුරයෙන් නෙරපයි November 6, 2012 Comments Off on පුටින් රුසියානු ආරක්‍ෂක ඇමති ධුරයෙන් නෙරපයි 1 Views රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටීන් එරට ආරක්ෂක ඇමති ඇනටෝලි සර්ද්යුකෝව් ධූරයෙන් ඉවත් කර ඇත. මෙය සිදු වුනේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ Oboronservis ආයතනය සම්බන්ධව ගැටඑවක් පවතින අවස්ථාවකය. නව ආරක්ෂක ප‍්‍ර‍්‍රධානියා වන්නේ සර්ජි ෂොයිගු ය. Oboronservis සම්බන්ධ වූ වංචාවක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයට කලින් සේවය කල යෙකටේරිනා ස්මෙටනෝවා සහ ඇගේ සහායක මැක්සිම් සකුටේලෝ අත් අඩංගුවට ගෙන ඇත. ෂොයිගු ගේ පත්වීම දෙමින් පුටීන් කියා සිටීයේ සර්ද්යුකෝව් ගේ අස් විම පරීක්ෂණ කටයුතු වලට බාධා නොවනු පිණිස බවයි. ෂොයිගු වසර 18ක් තිස්සේ රුසියානු හදිසි සේවා අමාක්‍යාංශය දැරූ ගරු කටයුතු චරිතයකි. හදිසි සේවා අමාක්‍යාංශය 1990 යුගයේ රුසියානු කැලඹීමෙන් නොසැලුන ආයතන අතරින් එකකි. මොස්කව් හි ආණ්ඩුකාරවරයා ලෙසද ෂොයිගු මැයි මාසයේදී පත් කරන ලදී. Share featured Latest slider 2012-11-06 ceylonradio Share Facebook Twitter Google + Pinterest