පුළුවන්නම් ඉස්සරහට ඇවිත් ගනුදෙනු බේර ගනිල්ලා – අමාත්‍යය​ මර්වින් සිල්වා

ඊයේ සවස 3.15ට ඔඩෙල් ආයතනයේ භෝජනාගාරයෙන් මාලක සිල්වා සහ ඔහු සමඟ සිටි විදේශික මිතුරියක ආහාර ගෙන ඔහුගේ වාහනය නවතා තිබූ රථ ගාල වෙත එද්දී එම මැර පිරිස ඔහුට පහරදී ජීප් රථයක සහ ත්‍රිරෝද රථයක නැඟී පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. එම මැර පිරිස මාලක සිල්වා මහතාට බෝතල්වලින් සහ අතින් පයින් පහරදීමෙන් ඔහු තුවාල ලබා පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට තිබේ. පහරදීම්වලින් ලද තැළීම් හා තුවාල නිසා ඊයේ ඔහු ස්කෑන් පරීක්ෂණයකට ලක්කළ බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

මැර පිරිස පලාගීය ජීප් රථය සහ ත්‍රිරෝද රථය පිළිබඳ විස්තර කොළඹ සහ අවට සියලුම පොලිසිවලට දැනුම් දී ඇති බව පොලිසිය පැවැසීය. මාලක සිල්වා මහතා ඔඩෙල් ආයතනයෙන් එළියට පැමිණෙන තුරු එම මැර පිරිස වාහන නැවතුම්පොළේ සූදානමේ සිටි බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ.

එම රථ ගාල්වල නවතා තිබූ වාහනවල සහ පුද්ගලයන්ගේ ඡායාරූප ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති අතර එම තොරතුරු ඔස්සේ විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පුළුල් පරීක්ෂණ ආරම්භ කොට ඇත. සිද්ධිය වූ අවස්ථාවේ ඔඩෙල් ආයතනයේ ආරක්ෂක සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරීන්ගෙන්ද ඊයේ සවස පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.

පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඩී.එස්. ගුණවර්ධනමහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මේ අතර මාලක සිල්වා ඔඩෙල් ආයතනයේ ආපන ශාලාවේ සිට එළියට එද්දී ඔහු අසලට පැමිණි අයකු ඔබ මාලක සිල්වා දැයි ඔහුගෙන් විමසූ විට “ඔව්” යැයි පිළිතුරු දීමෙන් පසු ප්‍රශ්නය ඇසූ පුද්ගලයා සමඟ සිටි දස දෙනකුගෙන් පමණ යුත් පිරිසක් මාලකට පහරදුන් බව මාලක පුතා තමාට පැවැසූ බව ‘මව්බිම’ට ප්‍රකාශ කළ ඇමැති මර්වින් සිල්වා මහතා මැර පිරිස පැමිණ ඇත්තේ මොන්ටේරෝ වාහනයකින් බව පුතා තමාට පැවැසූ බවද කීය. මේ ප්‍රහාරයට ලක්වීමේ සිද්ධිය තමාට දැනුම් දුන්නේද මාලක පුතා විසින් බවද ඇමැතිවරයා පැවැසීය.

 

[quote]

මේක මට අරුමයක් පුදුමයක් නෙවෙයි. මගෙන් දඬුවම් ප්‍රමාද වුණත් ඉතාම ඉක්මනින් දෙවියන්ගෙන් දඬුවම් ලැබෙනු ඇතැයි ඇමැතිවරයා පැවැසීය. මේ රටේ මෙහෙම දේවල් ඇතිවීම අරුමයක් පුදුමයක් නෙවේ. එහෙත් මර්වින් සිල්වාගේ නම තියෙන කෙනකුට ප්‍රශ්නයක් වුණොත්, විශේෂයෙන්ම මට හෝ මගේ පුතාට එදාට ජනතාවට බොහෝම උනන්දුවෙන් බලාගන්න පුළුවන්. සමහර මාධ්‍යවලට මේක මඟුලක්. හැමෝම නෙවෙයි.

ඉතාම සුළු පිරිසකට. දැන් අපේ විරුද්ධවාදීන්ට නින්ද යයි. මර්වින්ගේ පුතාට ප්‍රහාරයක් කියලා. මට රටට කියන්න තිබෙන්නේ එදා යූ.එන්.පී. ආණ්ඩුව ජේ.වී.පී.ය එක්ක හවුල් වෙලා මගේ මල්ලී නංගී සහ මස්සිනා තුන්දෙනාම මරල මගේ ගමන බාල කරන්න, සැර අඩු කරන්න කාටවත් බැරි වුණා. මේ ප්‍රහාරයේදීත් මමත්, පුතාත්, මගේ පවුලේ කට්ටියත් නොසැලී සිටිනවා. මේ වගේ බියගුලු ක්‍රියා කරන්නේ නැතිව ඉදිරියට ඇවිල්ලා ගනුදෙනු බේරා ගනිල්ලා. මම ඒකට නිතරම ලෑස්ති වෙලා ඉන්නේ. මේක මට අරුමයක් පුදුමයක් නෙවෙයි. මගෙන් දඬුවම් ප්‍රමාද වුණත් ඉතාම ඉක්මනින් දෙවියන්ගෙන් දඬුවම් ලැබෙයි.
– අමාත්‍යය​ මර්වින් සිල්වා

[/quote]

 උපුටාගැනීම – මව්බිම පුවත්පත​

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...