16.3 C
London
Thursday, June 19, 2025
spot_img

පූසා’ට බය වූ තරමක්

එංගලන්තයේ එඬේප‍්‍රාන්තයට අයත් ක්ලැක්ටන් ඔස්සී නගර සීමාවේ පිහිටි වනාන්තර ආසන්නයේ පසුගිය ඉරිදා රැය පහන් කළ සංචාරකයින් පිරිසක් එහි ගැවසෙන ”සිංහයකු” දුටු බව කියති.
එදින සවස හා රාත‍්‍රියේ ඔවුහු එම සිංහයාගේ ඡායාරූප දෙකක්ද ගත්හ. පලාත් පොලිසියට ද ඒ පින්තුර ඉදිරිපත් කළහ. මෙම සිදුවීම සැලවීමත් සමග නගර වැසියෝ භීතියට පත්වූහ. පොලිසිය ”සිංහයා” සෙවීම සඳහා සඳුදා උදෑසනම මෙහෙයුමක් ඇරැඹීය. ආයුධ සන්නද්ධ පොලිස් බලඇණියක් සමග ස්නයිපර් තුවක්කු කරුවෝද හෙලිකොප්ටර් යානා කිහිපයක් සිංහයා සෙවීමේ මෙහෙයුමට යවනු ලැබූහ.
දිනය පුරාම සිදුකළ මෙහෙයුමේදී සිංහයෙකු හමු නොවූ බවත් එවැනි සතෙකු එම වනාන්තරයේ ගැවසුන බවට කිසිදු සලකුණක් නොමැති බවටත් එහෙත් නිවසකින් පැනවිත් වනාන්තරයේ සැරිසරන විශාල පූසෙකු හමුවූ බවත් මෙහෙයුම කළ අය පවසති. සතුන් වත්තකින් හෝ වෙනත් පෞද්ගලික ස්ථානයකින් සිංහයකු පැන ගිය බවට පැමිණිල්ලක් ලැබී නැති හෙයින් ඉහත කී සංචාරයකින් පිරිස දැක තිබෙනුයේ වනාන්තරයේ ගැවසෙන තරබාරු පූසා වීය හැකියැයි එඬේ පලාත් පොලිසිය පවසයි.

  

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles