19.1 C
London
Thursday, June 19, 2025
spot_img

පෘතුවිය සමග ගැටෙන්න නිබ්රූ නැමති ග්‍රහයෙක් නැහැ – නාසා ආයතනය

ලෝක විනාශය පිළිබද බොහෝ මත ඉදිරිපත් වන මේ දිනවල තවත් ආන්දෝලනාත්මක මතයක් වූයේ පෘතුවිය සමග එක්‌ස්‌ හෙවත් නිබ්රූ නැමැති ග්‍රහයා ගැටෙන බවයි.

2012 දෙසැම්බර් 21 වැනිදා පෘතුවිය සමග මෙසේ එක්‌ස්‌ හෙවත් නිබ්රූ ග්‍රහයා ගැටෙන බව පවසා ඇත්තේ අසර්බයිජාන් ගත්කතුවරයෙකු වන රස්‌චරියා සින්චිනි යෑයි හෙලි වී ඇත. කෙසේවෙතත් මේ බව සඳහන් කළ මේ ගත්කතුවරයා 2010 දී මිය ගොස් ඇත.
අභ්‍යවාකාශය ගැන නිරන්තර පරීක්ෂණ පවත්වන ඇමරිකානු නාසා ආයතනය මේ පිළිබද දරන්නේ වෙනත්ම මතයකි. එක්‌ස්‌ හෙවත් නිබ්රූ නැමැති ග්‍රහයෙකු නැති බවත් ගතවූ කාලය තුළ ග්‍රහයන් ගැන විමර්ශනයේ යෙදී සිටි නමුත් නිබ්රූ නැමැති ග්‍රහයෙකු මේ වන තෙක් හමු වී නැති බවත් නාසා ආයතනය පවසයි.

මේ අතර ලෝක විනාශයෙන් ගැලවිය හැකි ස්‌ථානයක්‌ යැයි ප්‍රසිද්ධ වූ ප්‍රංශයේ බූචාරට්‌ නගරය තහනම් කලාපයක්‌ ලෙස ප්‍රංශ බලධාරීන් නම් කර ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles