පෙම්වතාට හොරෙන් පෙම්වතිය ගණිකා වෘත්තියේ යොදවලා

වයස අවුරුදු 19ක තරුණියක ගණිකා වෘත්තියේ යෙදවු බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බලංගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය දැනට මාස 3කට ඉහතදී සිය පෙම්වතා සමග යුගදිවියක් ගත කිරීම සඳහා කඩුවෙල ප්‍රදේශයට පැමිණ ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදි අනාවරණය වී ඇත.

කඩුවෙල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මොවුන් දෙදෙනා නවාතැන් ගෙන සිටියදි මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු හා ඔහුගේ බිරිඳ විසින් පෙම්වතාට හොරෙන් ‍මෙම තරුණිය ගණිකා වෘත්තියේ යොදවා ඇති බව පොලිසිය පවසයි.

මෙම තරුණියගේ වයස අවුරුදු 15ට අඩු බව ගැණුම්කරුවන්ට පවසමින් රුපියල් 10,000 – 15,000 දක්වා මුදලකට ගණිකා වෘත්තියේ යොදවා ඇති බවත් තරුණියට ලබාදී ඇත්තේ රුපියල් 2000ක පමණ මුදලක් බවත් පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් ඊයේ (07) සැකකාර ත්‍රීරෝද රියදුරා බියගම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ ත්‍රීරෝද රථය ද ‍පොලිස් භාරයට ගත් බවත් සඳහන්ය.

මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ‍බියගම පොලිසියට භාරදුන් බව වලාන දූෂණ මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

By: අද දෙරණ

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...