පේටන්ට් අයිතිය පිළිබඳ නඩුවෙන් ඇපල් පරදා සැම්සුන් ජයගනී June 8, 2013 Comments Off on පේටන්ට් අයිතිය පිළිබඳ නඩුවෙන් ඇපල් පරදා සැම්සුන් ජයගනී 8 Views ඇපල් සමාගමේ iPhone 4 සහ iPad 2 නිෂ්පාදන වල භාවිත 3G තාක්ෂණය විසින් සැම්සුන් සමාගමේ පේටන්ට් අයිතිය උල්ලංඝනය වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදය තුළ වෙළඳ කටයුතු නියාමනය සිදු කරනු ලබන ජාත්‍යන්තර වෙළඳපළ කොමිසම විසින් තීන්දු කොට තිබේ. දකුණු කොරියානු සැම්සුන් සහ ඇමරිකානු ඇපල් සමාගම් සිය තාක්ෂණික යෙදවුම් අරබයා ලොව රටවල් 10ක වාණිජ අධිකරණ තුළ සටන් වැද සිටින අතර මීට පෙර 2012 අගෝස්තු මසදී සැම්සුන් සමාගමට එරෙහිව ඩොලර් බිලියනයක නඩුවක් ඇපල් සමාගම විසින් ජයගන්නා ලදී. ප‍්‍රකාශිත තීන්දුව දින 60ක් ඇතුළත ජනාධිපති බරැක් ඔබාමා විසින් බලරහිත කරනු නොලැබුවහොත් චීනයේ එකලස් කරනු ලබන ඉහත ඇපල් නිමැවුම් එක්සත් ජනපදයට ගෙන්වීම තහනම් කළ හැකිව පවතී. කෙසේවෙතත් ඇපල් සමාගම පවසන්නේ මෙය කිසිලෙසකත් ඇමරිකාව තුළ ඔවුනගේ වෙළඳපොළට බලපෑමක් නොවනු ඇති බවයි. නමුත් කොමිසමේ තීරණයට එරෙහිව ඔවුන් ෆෙඩරල් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවද පවසා තිබේ. පසුගිය වසරේ අවසන් කාර්තුව තුළ iPhone 4 හරහා ඩොලර් බිලියන 3.4ක් උපයා තිබූ අතර නඩු තීන්දුව බලනොපාන iPhone 5 තුළින් ඩොලර් බිලියන 14.9ක් ඉපැයූ බව වෝල් ස්ටී‍්‍රට් ජර්නලය වාර්තා කරයි. 2012 වසරේ එළිදැක්වූ සියලූම iPad මාදිලි ද නඩු තීන්දුව මගින් අභියෝගයට ලක්ව නොමැත. මේ අතර ඇමරිකාව තුළ පේටන්ට් අයිතිය පිළිබඳ නෛතික කටයුතු වල ඇති දුර්වලතා අවම කිරීම සඳහා නීති ප‍්‍රතිසංස්කරණ ගෙන එන බවට ජාත්‍යන්තර වෙළඳපොළ කොමිසම සිය නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්කළ දිනයේදීම ඔබාමා විසින් පවසනු ලැබිනි. Share featured pretty cool slider 2013-06-08 ceylonradio Share Facebook Twitter Google + Pinterest