Home News පොලීසිය අල්ලන ගණිකාවන්ට රෑට වෙන දේ
කොළඹ දී උදේට ගණිකාවන් අල්ලලා කූඩුවට දාන ඇතැම් පොලිස් නිලධාරීන් රාජකාරි වේලාවෙන් පසුව ගණිකාවන් ත්‍රිරෝද රථයෙන් ලොජ්වලට රැගෙන යනවා යැයි සමස්‌ත ලංකා ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුසිල් ජයරුක් මහතා ඊයේ (15 ) නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්‌වූ සභාපතිවරයා මෙසේද කීය.
පොලිසියේ මහත්වරුන් රජයේ රැකියාවක් කරනවා. ඒ අයගෙන් වැඩි පිරිසකට ත්‍රිරෝද රථ තියෙනවා. කොළඹ අවට පොලිසිවල අයට නම් මේක හොඳට ගැළපෙනවා.
කොළඹ ත්‍රිරෝද හිමි ඇතැම් පොලිස් නිලධාරීන් උදේට ගණිකාවන් අල්ලනවා. රාජකාරිය අවසන් වෙලා රෑට ගණිකාවන් ලොඡ් වලට රැගෙන යනවා. රථවාහන නිලධාරීන් ඔවුන් නතර කළත් හැඳුනුම්පත පෙන්නලා යනවා. ත්‍රිරෝද රථ දුවන ඇතැම් නිලධාරීන්ට ලයිසන් නැහැ. අඩුපාඩු ගොඩයි. ඒ අයට ප්‍රශ්න නැහැ.
මේවා ගැන හොයන්න ඕනෑ බලධාරීන්. මේ නිලධාරීන්ට තැනක් නැහැ. ඕනෑම තැනකින් හයර් අරන් යනවා. අපේ හයර් තමයි බොහෝ වෙලාවට අරන් යන්නේ. අපිට වෙන රස්‌සාවක් නැති නිසයි මේක කරන්නේ. ඒ නිසා ත්‍රිරෝද රථ නියාමන ආයතනයක් හදලා ත්‍රිරෝද රථ රියෑදුරන්ට වෙනමම බලපත්‍රයක් ලබාදිය යුතුයි.