ඇමෙරිකාවේ එරෝෆ්ලෙක්ස් සමාගම විසින් පාරේ පියාඹන යතුරු පැදියක් නිපදවා තිබේ. ‘හූවර් බයික්’ ලෙස නම් කර ඇති මෙය පසුගිය ඇරිසෝනාවේ මොපේව් කාන්තාරයේදී අත්හදා බලා ඇත.
අධි බලැති යාන්ත්‍රික සුළං පෙති දෙකක් මගින් එන්ජිමට සැපයෙන බලයෙන් එය ක්‍රියාත්මක වේ. තත්පර 20 ක් තුළ එය තම වේගය හෙලිකොප්ටරයක වේගය හා සමාන කර ගන්නා අතර පොළොව මට්ටමේ සිට අඩි 15 ක උසක් සහිතව මෙය පියාසර කරයි.
මෙය මිනිසුන් රහිතව ක්‍රියාත්මක කළ හැකි ලෙස නිපදවා පසුව එය යුධ කටයුතු සඳහා යොදා ගන්නට එරෝෆ්ලෙක්ස් සමාගම බලාපොරොත්තු වෙයි.