අව් කණ්ණාඩි, ආහාර ඇසුරුම් ඇතුළු වෙළෙඳසල්වල ඇති ඇසුරුම් සඳහා භාවිත කෙරෙන පොදු ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය සඳහා යොදාගන්නා ‘බයිස්ෆීනෝල් ඒ’ නම් රසායනය හෘදයාබාධවලට මුල්වන බව බ්‍රිතාන්‍යයේ පෙනිසියුලා වෛද්‍ය විද්‍යාලය මඟින් අනාවරණය කැරගෙන තිබේ. ස්ත්‍රී හෝමෝනයක් වන ඊස්ට්‍රජන් භාවිත කරමින් මිනිසා විසින් කෘත්‍රිමව නිපදවන ලද ලිංග වර්ගීකරණයට යොදා ගන්නා මේ රසායන ද්‍රව්‍යයට පාරිභෝගිකයන් නිරන්තර නිරාවරණය වන බවද ඔවුහු පෙන්වා දෙති. මෙය මෑතකදී ළදරු කිරි බෝතල ආදිය සඳහා යොදා ගැනීම තහනම් කර ඇති නමුත් දිනපතා භාවිත කරන ප්ලාස්ටික් භාණ්ඩ, අව් කණ්ණාඩි, සංයුක්ත තැටි බහාලුම්, ආහාර පිසීමට යොදාගන්නා ආම්පන්න ආදිය සැකසීමට භාවිත කෙරේ. මේ බයිස්ෆීනෝල් සහිත පොලිකාබනේට් ප්ලාස්ටික් ඇසුරුම් යොදාගෙන ආහාර රත් කිරීමේදී එම ද්‍රව්‍ය දියවී ආහාරවලට එක්විය හැකි බව ද සොයාගෙන තිබේ. ප්ලාස්ටික් භාණ්ඩවල පතුලේ අංක 7 යොදා ඇති උණුසුමට ඔරොත්තු දෙන භාජනවල මේ රසායනය අඩංගු බව ඔවුහු පවසති.
