දේශපාලනය බලය රැකගැනීමට වඩා ජනතාවගේ යහපත වැදගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනතා අභිලාෂයන් උපරිමයෙන් ඉටු කිරීම රජයේ අරමුණ බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
මෙගාවොට් 150 ක් ජාතික විදුලි බල පද්ධතියට එක්කරන ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය අද(14) පෙරවරුවේ ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මෙම විදුලි ව්‍යාපෘතිය මෑත කාලයේ දී ශ්‍රී ලංකාව තැබූ දැවැන්ත සංවර්ධන පිම්මක් බව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේය.
සෑම සංවර්ධන කටයුත්තක්ම ක්‍රියාවට නංවා ඇත්තේ රටට උචිත අන්දමින් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා පරිසරය රැකගනිමින් මෙන්ම ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ජීවීන් ආරක්ෂා කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතියත් සමග එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ජන ජීවිතවලට ද නැවුම් ප්‍රවේශයක් ලැබී ඇති බව පැවසූ ජනාධිපතිවරයා පෞද්ගලික මතවාද පසෙකලා සංවර්ධන ක්‍රියාදාමය දෙස සුභවාදී ඇසකින් බැලිය යුතු කාලය එළඹ ඇති බව ද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.