බස් ඇතුළේ මාර්තුවෙන් පසු සෙල්ලම් දැමුවොත් ලෙල්ලම්

බස් රථවල අභ්‍යන්තර කැමරා පද්ධති ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල මාර්තු මස 31 වනදාට ප‍්‍රථම අවසන් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි. බස් රථ තුළදී කාන්තාවන් විවිධ අපහසුතාවන්ට ලක්වීම සහ වෙනත් ජාවාරම් මැඩලීම සඳහා මෙම පියවර ගෙන ඇත.  ජී.පී.එස්. තාක්ෂණය සහිත එම කැමරා මගින් බස් රථවල සිදුවන විවිධ අකටයුතුකම් හඳුනා ගනිමින් ඊට එරෙහිව කටයුතු කරන බව රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

බස්‍ රථ තුළ ජංගම දුරකතන භාවිතා කරමින් සිදු කරන අසභ්‍යය වීඩියෝ දර්ශන වීඩියෝගත කරන්නන්, බස් රථ තුළ කාන්තාවන්ට හිරිහැර කරන්නන්, අසභ්‍යය ලෙස හැසිරෙන පෙම්වතුන්ට සහ ගැට කපන්නන් හට මෙමඟින් වැට බැඳෙනු ඇත.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...