12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

බස් ඇතුළේ මාර්තුවෙන් පසු සෙල්ලම් දැමුවොත් ලෙල්ලම්

බස් රථවල අභ්‍යන්තර කැමරා පද්ධති ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල මාර්තු මස 31 වනදාට ප‍්‍රථම අවසන් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි. බස් රථ තුළදී කාන්තාවන් විවිධ අපහසුතාවන්ට ලක්වීම සහ වෙනත් ජාවාරම් මැඩලීම සඳහා මෙම පියවර ගෙන ඇත.  ජී.පී.එස්. තාක්ෂණය සහිත එම කැමරා මගින් බස් රථවල සිදුවන විවිධ අකටයුතුකම් හඳුනා ගනිමින් ඊට එරෙහිව කටයුතු කරන බව රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

බස්‍ රථ තුළ ජංගම දුරකතන භාවිතා කරමින් සිදු කරන අසභ්‍යය වීඩියෝ දර්ශන වීඩියෝගත කරන්නන්, බස් රථ තුළ කාන්තාවන්ට හිරිහැර කරන්නන්, අසභ්‍යය ලෙස හැසිරෙන පෙම්වතුන්ට සහ ගැට කපන්නන් හට මෙමඟින් වැට බැඳෙනු ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles