Curiosity යානයට පෙර පැවති Opportunity යානය විසින් අගහරු මතුපිට මීට පෙර ජීවින් සිටිතැයි සාක්ෂි සොයා ගැනීමත් සමග එය පසුගියදා ප‍්‍රධාන මාතෘකා සෑදීය.
විද්‍යාඥයින් ගේ අදහස වන්නේ ජීවය සොයා ගැනීමට නම් අගහරුගේ කදු සහ සානු වලට ඔබ්බෙන් උල්කාපාත වලට පිටින් සෞරග‍්‍රහ මණ්ඩලයේ ඈතට නිරික්ෂණය කිරිමට සිදුවන බවයි.
වායු බෝලයක් ලෙස දිස්වෙන විශාල රතු ග‍්‍රහයා සහ එය අවට සැබවින්ම ජීවත් විය හැකි කුඩා ජීවීන් ජීවත් විය හැකි බව ඔවුන් සැක පල කරයි. දැනට වාර්තාවන්ට අනුව බ‍්‍රහස්පති වටා චන්ද්‍රයන් 70ක් පමණ සිටි එයින් විශාලම චන්ද්‍රයන් හතර වන්නේ lo, කැලිස්ටෝ, ගැනීමෙඞ් සහ යුරෝපා යන්නයි.
lo යනු තනිකරම ගිනිකදු වලින් ගහන සහ සල්ෆර් වායුවෙන් වැසුනු ග‍්‍රහ ලෝකයක් වේ. කැලිස්ටෝ යනු තනිකර අයිස් කුට්ටියක් වේ.
නමුත් ගැනීමෙඞ් සහ යුරෝපා හී අයිස් තට්ටු යටින් ජල සාගරයක් ඇති බව සදහන් වේ. ජලය ඇත යන්නෙන් ජීවයද පැවතිය හැකි බවට සාක්ෂියක් වනු ඇතැයි ඔවුන් ව්ශ්වාස කරයි.