12.6 C
London
Thursday, May 15, 2025
spot_img

බ්‍රිතාන්‍යයෙන් නැවතත් ලංකාවට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව පාලකයින් සැලකිල්ලක් යොමු නොකළහොත් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය අනතුරු අඟවා තිබේ.

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය නික් ක්ලෙග් එරට පාර්ලිමේන්තුව අමතමින් මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එළඹෙන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට සැළසුම් කර ඇති බවද බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීම් සිදුවන බවට වාර්තා වූව ද පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කම්කරු පක්ෂයේ නියෝජිතයෙකු ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් නික් ක්ලෙග් මහතා සඳහන් කළේය.

එම සමුළුවට සහභාගීවීම තුළින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයවීම් හුවා දැක්වීමට බලාපොරොත්තු වන බව ද බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් බලධාරීන්ගේ හැසිරීම්වල වෙනසක් නොමැතිනම් ඊට අදාළ ප්‍රතිවිපාක හිමි වනු ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර මානව හිමිකම් නැමැති ලේබලය භාවිතා කරමින් රට අස්ථාවර කිරීමට විවිධ කණ්ඩායම් හා ජාත්‍යන්තර බලවේග උත්සහ දරමින් සිටින බව නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා පවසයි.

ත්‍රිකුණාමලයේ පැවති නැගෙනහිර පළාත් රණවිරු උපහාර උත්සවය අමතමින් මොහාන් විජේවික්‍රම මහතා මෙම අදහස් පළ කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles