බ්‍රිතාන්‍යයේ කිසිවෙකුත් රැකියා නොකරන නිවාස සංඛ්‍යාව ඉහලට January 22, 2013 Comments Off on බ්‍රිතාන්‍යයේ කිසිවෙකුත් රැකියා නොකරන නිවාස සංඛ්‍යාව ඉහලට 2 Views බි‍්‍රතාන්‍යයේ කිසිවෙකුත් රැකියා නොකරන නිවාස සංඛ්‍යාව වැඩි අගයකට පැමිණ ඇත. දීමනා මත දිවිගෙවන පන්තිය වැඩි වී ඇති බව සංඛ්‍යා ලේඛන වලින් පෙනීයයි. දරුණුම විරැකියාව ඇති ග‍්‍රීසිය හා ස්පාඤ්ඤයේ විරැකියා අගයන් 26.8% සහ 26.6% ලෙස පවතී. නමුත් කිසිවෙක් රැකියා නොකරන නිවාස ගණන බි‍්‍රතාන්‍යයට වඩා අඩුවන අතර පිලිවෙලින් 8.2% හා 10.6% ලෙස වෙයි. බෙල්ජියම හා නැගෙනහිර යුරෝපා රටවල් තුනක් පමණක් මීට පහල තත්වයක සිටිති. කෙසේ නමුත් කලින් වසරේ බි‍්‍රතාන්‍යයේ 13.1% ක් ව පැවති අගය දැන් 11.5% දක්වා අඩුවී තිබීම ශුභවාදීය. සංඛ්‍යා ලේඛන වලින් පෙනෙන පරිදි යුවලක් සිටින නිවාස වලට වඩා තනි වැඩිහිටියෙක් සිටින නිවාස වල මේ ප‍්‍රශ්නය වැඩිපුර දැකගත හැකිය. යුරෝ ස්ටැට් සංඛ්‍යා ලේඛන වලට අනුව තනි මවුවරුන්ගේ විරැකියාවද ඉහලය. ඔවුන්ගෙන් 43% ක් සතියකට දිනකට වඩා වැඩ නොකරති. මින් පෙනී යන්නේ වසර 15 කට පෙර හඳුන්වා දුන් බදු ණය ක‍්‍රමය යටතේ ඔවුන් රැකියා කරා යොමු කිරීමට අපොහොසත් වී ඇති බවයි. බි‍්‍රතාන්‍යයේ ජාතික සංගණන කාර්යාලයට අනුව තනි දෙමවුපියන් ගේ සංඛ්‍යාව 1996 මිලියන 1.6 සිට අද මිලියන 2 දක්වා ඉහල ගොස් ඇත. බි‍්‍රතාන්‍යයේ විරැකියා අගය 7.6% ක් ලෙස දක්වන අතර එය බොහෝ යුරෝපා රටවලට වඩා අඩු අගයකි. කෙසේ නමුත් රෝගාබාධ නිසා ස්ථිරවම රැකියා වලින් ඉවත් වූ අය හෝ පවුලේ සහයෝගය මත ජීවත් වන අය හෝ අප‍්‍රසිද්ධ අර්ධකාලීන රැකියා කරන අය හෝ මේ සංඛ්‍යා ලේඛන වලට ඇතුලත් නොවන නිසා ඔවුන් සැඟවී යා හැකිය. වෙලඳ සංගම් මණ්ඩලයේ පසුගිය වසරේ වාර්තාවක අනාවරණය වූයේ බි‍්‍රතාන්‍යයේ ස්ථිර රැකියා සොයාගත නොහැකි නිසා අර්ධකාලීන රැකියා වල යෙදෙන පිරිමින් ගේ ගණන මිලියන 1.4 ක වන බවයි. බොහෝ පුද්ගලයන්ට වැඩට සරිලන ගෙවීමක් නොලැබෙන නිසා රාජ්‍ය අධාර මත යැපීම ඔවුන්ට වාසි දායක බව බි‍්‍රතාන්‍ය ආධාර ක‍්‍රමය පිලිබඳ විවේචන වලින් කියවේ. බි‍්‍රතාන්‍යයේ දුප්පත් ධනවත් පරතරයද වේගයෙන් වැඩි වන බව සහයෝගය හා සංවර්ධනය සඳහා වූ සංවිධානයේ පර්යේෂණයකින් පෙනී ගොස් ඇත. Share featured Latest slider 2013-01-22 ceylonradio Share Facebook Twitter Google + Pinterest