14.8 C
London
Friday, May 23, 2025
spot_img

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු නැවතත් යුද සේවයට යයි

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු යුද හෙලිකෝප්ටර් නියමුවකු ලෙස නැවතත් සේවයට එක්වීම සඳහා පසුගියදා ඇෆ්ගනිස්තානයට පැමිණි බව බ්‍රිතාන්‍ය ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

විසිහත් හැවිරිදි හැරී කුමරුගේ ආන්දෝලනාත්මක ඡායාරූප අන්තර්ජාලයේ සහ පුවත්පත්වල පළවීමෙන් අනතුරුව මතුවූ උණුසුම් වාදවිවාද මැද ඔහු මෙසේ යුද සේවය සඳහා ඇෆ්ගනිස්තානයට පැමිණ සිටී.

හමුදා සේවයේදී කැප්ටන් වේල්ස් නමින් හැඳින්වෙන හැරී කුමරු දකුණු ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතේ පිහිටි යුද කඳවුර වෙත පැමිණියේ යුද සේවයෙන් ඉවත්වී සිවු වසරකට පසුවය.

යුද සේවයට එක්වූ හැරී කුමරු සෝදිසි මෙහෙයුම් සහ ගුවන්යානාවලට ආරක්ෂාව සැපයීමේ මෙහෙයුම් සඳහා අනියුක්ත කරන බව බැස්ටියන් කඳවුරේ හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය.

බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමාරවරුන් අතර තෙවැනි ස්ථානයේ පසුවන හැරී කුමරු අවසන් වරට යුද සේවයෙන් ඉවත් වූයේ 2008 වසරේදීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles