14.8 C
London
Friday, May 23, 2025
spot_img

බ්‍රිතාන්‍යය වීසා හොරට ගන්න ගියොත් අමාරුවේ

වීසා අයදුම්පත් වෙනුවෙන් උදව් කිරීමට බ්‍රිතාන්‍යය විසින් ලංකාව තුළ කිසිදු නියෝජිතයෙකු පත්කර නොමැති බවත් ව්‍යාජ ලිපි ලේඛන සමග අයදුම් පත් ඉදිරිපත් කළහොත් වසර 10 ක ගමන් තහනමක් සමග ඊට එරෙහි ක්‍රියා මාර්ග ගන්නා බවත් කොළඹ පිහිටි බ්‍රිතාන්‍යය තානාපති කාර්යාලය දැඩිව අවවාද කරයි.

“නියමාකාරයෙන් පැමිණෙන අමුත්තන්, සිසුන් හා වෘත්තිකයින් පිළිගැනීමට අපි සූදානම්. අවංක පුද්ගලයින් වෙනුවෙන් ගුණාත්මක සේවාවක් ලබාදීමට අපි කැපවී සිටිනවා.“

යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් UK Border Agency ආයතනයේ කළාපීය අධ්‍යක්ෂ Thomas Greig පවසා තිබේ.

කෙසේවෙතත්, වංචා සහගත ලෙස වීසා ලබාගැනීමේදී කිසිදු ලිහිල් භාවයක් ලබා නොදෙන බවත් එංගලන්ත වීසා ක්‍රමය කිසිදු වංචාවක් නොමැති තත්ත්වයට පත් කිරීම අරමුණු කර තිබෙන බවත් ඔහු අවධාරණය කර තිබේ.

බ්‍රිතාන්‍යයට වීසා ලබාගැනීමේදී ව්‍යාජ ලිපි ලේඛන ලබාදෙන හෝ වීසා රැගෙන දෙන බවට සහතික වන නියෝජිතයින්ට ඇහුම්කන් නොදෙන ලෙස තරයේ අවවාද කරන බව සඳහන්ය.

ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ බ්‍රිතාන්‍යය වීසා ලබාගැනීමේදී ශ්‍රී ලාංකිකයින් ව්‍යාජ බැංකු වාර්තා ඉදිරිපත් නොකළ යුතු බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles