19.2 C
London
Monday, May 19, 2025
spot_img

බ්‍රිතාන්‍ය උපදේශක මණ්ඩලය මෙරටට එන සංචාරකයින්ට අනතුරු අඟවෙයි

ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණයෙන් අනතුරුව මතුව එන ජාතිකත්වය සහ වැඩිවෙමින් පවතින බාල වයස්කාර ළමුන් ලිංගික වරදට පොළඹවා ගැනීම සම්බන්ධයෙන් සංචාරකයින්ට අනතුරු අඟවා ඇතැයි මෙරට බ්‍රිතාන්‍ය විදේශ කාර්‍යාලයේ සංචාරක උපදේශක මණ්ඩලය පවසයි.

2009 වසරේ මැයි මස මෙරට පැවති යුදමය වාතාවරණය අවසන් වූ අන්දම මෙරටට පැමිණෙන සංචාරකයින් දැනුවත් විය යුතු බව ඔවුන් සඳහන් කරයි.

එමෙන්ම බාල වයස්කාර ළමුන් ලිංගික වරදට පොළඹවා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් ඉස්මතු කර දක්වන්නේ පසුගිය 2011 වසරේ දෙසැම්බර් මස බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීමයි.

මේ නිසාවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් විධිමත් සංචාරක මඟ පෙන්වන්නන් යටතේ සැළසුම් සහගත ලෙස සංචාරයේ යෙදෙන ලෙසටත් විදේශීය කාන්තාවන් තනිව සංචාරයේ නොයෙදෙන ලෙසටත් ඔවුන් දැනුම්දෙයි.

එහිදී විදේශීය කාන්තාවන් අනතුරු ඇඟවිය හැකි යම් උපකරණයක් තමන් සතුව තබා ගැනීම වඩා වැදගත් බව ඔවුන් පෙන්වාදෙයි.

News-adaderana

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles