බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (02) මුණ ගැසී තිබේ.

බ්‍රිතාන්‍ය සහ මෙරට අතර ආයෝජන අවස්ථා සහ වෙළෙද ගනුදෙනු වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව සිදුවී තිබේ..

බ්‍රිතාන්‍ය ආයෝජකයින්ට මෙරට තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී එරට පාර්ලිමෙන්තු කණ්ඩායම දැනුවත්කර ඇති බව සඳහන්.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුවන සංවර්ධන කටයුතු දැකබලා ගැනීම සඳහා එම ප්‍රදේශවල සංචරයක නිරතවන ලෙස එහිදී ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...