Wednesday , 12 February 2025

බ්‍රිතාන්‍ය යුරෝ සංගමය හැරයාමට සැරසේ ?

යුරෝපා සංගමය හා බ්‍රිතාන්‍යයේ සම්බන්ධතාව පිලිබඳ සිකුරාදාට වැදගත් දේශනයක් නියමිතව ඇති කැමරන් ඔහුගේ පක්ෂය විසින් සංගමයේ සිටිනවාද නැද්ද යන්න පිලිබඳව මහජන තේරීමකට ඉඩ දිය යුතුයයි පීඩනයට ලක්වෙමින් ඇත. ටෝරි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු යුරෝපා සංගම් සාමාජිකත්වය ගැන නොසතුටින් සිටින අතර ඒ ගැන නැවත සාකච්ඡුා කිරීමට හා ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍යව සිටිති.

බ‍්‍රසල්ස් වෙත වැඩිපුර බලය ලබා දීම බි‍්‍රතාන්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අයහපත් බලපෑම් ඇති කරන බවට ඔවුහු විශ්වාස කරති. මෙයට එකඟ පක්ෂ මෙන්ම යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුයයි කියන දේශපාලන පක්ෂද ඇත. පශ්චාත් යුරෝපීයයයන් විශ්වාස කරන්නේ ජනමත විචාරණයකින් බ්‍රිතාන්‍යය ආර්ථික වර්ධනයට හා රැකියා වලට අයහපත් බලපෑම් එල්ලවන බවයි.

බි‍්‍රතාන්‍ය ව්‍යපාර වැසීයාමට මෙය හේතුවත් විය හැකි බව ඔවුන්ගේ මතයයි. බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ගේන් බහුතරය බි‍්‍රතාන්‍යයේ වැදගත් වෙලඳ සහකරුවෙක් වන යුරෝපා සංගමය සමඟ බැඳීම් පළුදු නොකිරීමට කැමරන්ට බලකර සිටිති. විදේශ රටවල්ද මෙම විවාදයට මැදිහත් වී ඇත. ඇමරිකාව කියා ඇත්තේ එකඟතාවයක් නැති මෙවැනි ජනමත විචාරණ පැවැත්වීමෙන් යුරෝපා ආර්ථිකයේ උදාසීන වර්ධනය තවත් හීන වන බවයි.

තමන් හා යුරෝපා සංගමය අතර දොරටුව ලෙස ක‍්‍රියා කරන බ්‍රිතාන්‍යයය තවදුරටත් සංගමයේ රැඳීම ඇමරිකාවේ අපේක්ෂාව බව පසුගිය වසර වන තෙක්ම ඇමරිකාවේ බි‍්‍රතාන්‍ය තානාපති ලෙස කටයුතු කල ශ්‍රීමත් නයිජල් ශීන්වල්ඞ් පවසයි. ප‍්‍රංශයද කියා ඇත්තේ බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයේ සිටිය යුතු බවයි. සිකුරාදා නෙදර්ලන්තයේදී කැමරන් යුරෝපා සංගමය පිලිබඳ ඔහුගේ අදහස, බ්‍රිතාන්‍යය හා සංගමය අතර සම්බන්ධය සහ පැවැත්විය හැකි ජනමත විචාරණය ආදිය ඉදිරිපත් කරනු ඇත.

කැමරන්ගේ ඉල්ලීම් යුරෝපා සංගමය ප‍්‍රතික්ෂේප කලොත් කුමක් සිදුවේදැයි අපැහැදිලිය. බි‍්‍රතාන්‍ය වැසියන් ගෙන් 50% ක් සංගමය හැරයාමට කැමති බව මතවිමසුම් වලින් පෙනී ගොස් ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් කියා ඇත්තේ 1970 ගණන් වල සංගමයට බැඳීමට කැමැත්ත විමසූ පරිදිම අද පරපුරටද තෝරා ගැනීමේ අවස්ථාවක් දිය යුතු බවයි.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...