බ්‍රිතාන්‍ය, සිරියානු කැලිකරුවන් සමඟ නිල ගණුදෙනු අරඹයි

බ්‍රිතාන්‍ය නියෝජිතයින්ට සිරියානු කැරලි හමුදා සමඟ සබදතා පැවැත්වීමට බ්‍රිතාන්‍ය රජය විසින් පහසුකම් සලසා දී ඇති බවත් ඉදිරි දිනයකදී ඔවුන් මුණ ගැසීමට තීරුණය කර ඇති බවත් එරට විදේශ ඇමති විලියම් හේග් විසින් පසුගිය දිනක හෙලි කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ආශ්‍රය සිරියානු රජය පෙරලා දැමීමේ බ්‍රිතාන්‍ය හා අමෙරිකාවේ කුමන්ත‍්‍රණ වල කොටසක් බවත් මෙම වාර්තා තව දුරටත් පෙන්වා දෙයි.

සිරියාව ඇතුලත සාහසික අපරාධකාරයන් ලෙස ක්‍රියාකරන කුලී හේවායන් මොවුන්ගේ මූලික බලාපොරොත්තුව වී ඇති බවත් මෙම වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.

සයිප්‍රසයට යාබද ප්‍රදේශයක සිට කරන ලද නිරීක්‍ෂණ මඟින් බ්‍රිතාන්‍ය සිරියානු කැරලිකරුවන් වෙත යූරෝ මිලියන 5ක් ආරක්‍ෂක ආධාර ලෙස ලබා දීමට කටයුතු කර ඇති බවද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...