බැල්ලිය බැටළු පැංචාට කිරි දෙයි

0
160

මව නැති බැටළු පැටවකුට බෝතලයෙන් කිරි පොවන ස්ප්‍රින්ගර් ස්පැනියල් බැල්ලියක ගැන ලන්ඩන් ඩේලි මේල් පත්‍රය වාර්තා කරයි. එංගලන්තයේ ඩොවෙන්හි අක්කර 180ක ගොවිපොළක සිටින ‘ජෙසී‘ දිනකට තුන්වතාවක් බැටළු පැටවාට කිරි දෙයි. ජෙසීගේ වයස  අවුරුදු 10කි. ගොවිපොළ හිමිකාරිය ලුවී මුවර් හවුස් කියනුයේ තමාට  බැටළුන් 270ක් සිටින බවයි. මේ බැල්ලියට  පැටවා කාලයේ සිට  කිරි බෝතලය කටින්  රැගෙන යාමට පුරුදු කළා. ඇය මගේ තවත් සේවකයෙක්.