බෑන්ඩ් වුන මෙගාඅප්ලෝඩ් ජනවාරි 19 නැවතත්

ලෝකයේ ජනප්‍රියම ‍ෆයිල් හොස්ටින් වෙබ් අඩවියක් වන MEGAUPLOAD පසුගිය ජනවාරි මස ඇමෙරිකානු FBI විසින් සීල් තබා වසා දමන ලදි. එයට හේතුව වන්නේ SOPA සහ PIPA ගිවිසුම් වලට විරෝධය පෑම හේතුවෙනි. පසුව ජනවාරියේ දිම එම වෙබ් අඩවියේ නිර්මාතෘ වන Kim Schmitz ව තවත් ඔහුගේ සඟයින් තිදෙනෙකු සමඟ නවසීලන්තයේදී අත්අඩංගුවට ගත් බව ද, FBI විසින් ප්‍රකාශට පත් කර ලදි.

MEGAUPLOAD ගොනු හුවමාරු ක්‍රමය යටතේ බුද්ධිමය දේපල හිමිකාරීත්වය ඇති විවිධ ඇමෙරිකානු සමාගම් වලට වාර්ෂිකව ඇ. ඩො. මිලියන 500 ක පාඩුවක් සිදුවීම නිසාවෙන් ලැබුනු පැමිණිලි අනුව එම පැමිණිළි විභාග කරනතුරු තාවකාලිකව මෙසේ MEGAUPLOAD වෙබ් අඩවිය අවහිර කළ බව FBI ප්‍රකාශ වල සටහන්ව ඇත.

නමුත් එසේ Megaupload වෙබ් අඩවිය වසාදැමීමෙන් අනතුරැව නැවතත් Kim Schmitz විසින් නව වෙබ් අඩවියක් හදුන්වා දිමට නියමිත බව ඊයේ දිනයේදි විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.

Kim Schmitz නවතම ව්‍යාපෘතිය වන Mega.co.nz නමින් හදුන්වා දි තිබේ. මෙය Cloud-Storage සේවාවක් ලෙසට හදුන්වා දි ඇත.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...