12.6 C
London
Thursday, May 15, 2025
spot_img

බිඳ්‍රා නගන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍යයක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් අතරතුරදී ඉන්දීය ක්‍රීඩකයෙකුගේ කාමරයේ තරුණියක් රාත්‍රිය ගතකළ බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති I.S. බින්ද්‍රා විසින් කළ හෙළිදරව්ව් සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එවැනි සිදුවීමක් 2010 දී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ තරග සංචාරය අතරතුරදී සිදු නොවූ බවත් මේ නිසා එවැනි සිදුවීමක වාර්තාවක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තම ආයතනය විසින් ලබාදීමක් සිදු නොවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් පවසයි.

එම සංචාරයේ දී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැඳී සිටි හෝටල් කාමරයට සුරූපී තරුණියක් ගොස් රාත්‍රිය ගත කොට නැවත පැමිණෙන දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලබාදුන්නත් එය ඉවත් කර ගන්නා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම් කර බව බින්ද්‍රා සිය නිළ වෙබ් අඩවිය මගින් කළ ප්‍රකාශය සඳහා පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙය ප්‍රකාශය කර ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles