11.3 C
London
Friday, May 16, 2025
spot_img

බිපාෂාට වාහන එලවන්න තාමත් බැහැ….

බොලිවුඩයේ සරාගීම රංගන ශිල්පිණිය ලෙස බිපාෂා කිරුළු පැළැන්දේ වරක් දෙවරක් නොවේ.

සරාගී රූ සපුව හා ආක්‍රමණශීලී රංගන විලාශයන් තුළින් ප්‍රේක්ෂකයා තමන් වෙත වසඟ කරගැනීමට සමත් වුවද බිපාෂා තවමත් රිය පැදවීමටනම් සමත්කම් නොදක්වන බව වාර්තා වනවා.

“මම හැමදාම හිතනවා මේ පාරවත් වාහන පදවන්න ඉගෙන ගන්නවා කියලා. ඒත් ඒක ම‍ට අද වෙනකම් කරගන්න බැරි වුණා”

බිපාෂා පවසන අන්දමට ඇයට වාහන පැදවීම අත්‍යවශ්‍ය නමුත් එය පුරුදුවීමට ඇයට මෙතෙක් අවස්ථාවක් ලැබී නැහැ.

“හැම අවුරුද්දකම මම මටම පොරොන්දු වෙනවා මේ අවුරුද්දෙවත් කොහොම හරි වාහන පදවන්න ඉගෙනගන්නවා කියලා. ඒත් මට ඒක කරන්න වෙන්නේ නැහැ”

කෙසේ වෙතත් බිපාෂා මේ දිනවල සුපාර්න් වර්මාගේ අධ්‍යක්ෂණයක් වන “Aatma” චිත්‍රපටයේ රූගත කිරීම්වල නිරත වේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles