14.9 C
London
Friday, April 25, 2025
spot_img

බිලී පූජා එපා

සත්ව බිළි පූජා නොපවත්වන ලෙසට ඉල්ලමින් ශ්‍රී ලංකා සත්ව හිංසන වැළැක්වීමේ සර්ව ආගමික එකමුතුව සංවිධානය කරන සාමකාමී විරෝධතාවක් හෙට පෙරවරුවේ හලාවත මුන්නේශ්වරම භද්‍රකාලී අම්මාන් කෝවිල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතය. 1979 ජුනි මස එවකට එජාප ආණ්ඩුව මගින් සත්ව බිළි පූජා සිදු කිරීම තහනම් කරමින් කැබිනට් තීරණයක් ගෙන තිබුණි. එයද නොතකා හලාවත මුන්නේශ්වරම භද්‍රකාලී අම්මාන් කෝවිල එම තීරණ පිළි නොගෙන දිගටම වාර්ෂිකව බිළි පූජාවන් පවත්වා ඇති බව කියති. එවැනි මහා බිළි පූජාවක් ලබන මස පළමුවන දිනද කාලි අම්මාන් කෝවිලේ දී පැවැත්වීමට නියමිතව ඇති නිසා ඊට විරෝධය පලකරමින් මෙම විරෝධතාව පැවැත්වේ. මෙම සත්ව බිළි පූජා නතර කරන ලෙසටද මෙම සංවිධානය ලක්ෂ හයක අස්සන් සහිත පෙත්සමක් පසුගිය වසරේ අගෝස්තු මස පා ගමනින් ගොස් ජනාධිපති කාර්යාලයට බාර දී තිබුණි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු සත්ව ලෝලීන් විරෝධතාවය සඳහා එක්වනු ඇතැයි පැවසේ.

පහත දැක්වෙන්නේ මුන්නේෂ්වරම් කෝවිලේ බිලි පූජාව සිදුකෙරෙන ආකාරය දැක්වෙන සංස්කරණය නොකල වීඩියෝවකි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles