බිහිසුණු ත්‍රිත්ව ඝාතනයක් කල මිනීමරුවන්ට ජනධිපති සමාව

2003 වසරේ මැයි 07 වන දා හෝ ඊට ආසන්න දිනක දී දෙහිවල හාමර් පවුලේ පියා, පුතා සහ දුව ඝාතනය සම්බන්ධව වරද කරුවන් වී මරණ දඩුවම නියම වූ හැරිසන් ජයවීර හා කේ.ඩබ්.එෆ්. සුනිල් ශාන්ත යන විත්ති කරුවන්ට ජනාධිපති සමාවක් ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලය අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශ ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ සඳහා අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ ලබා ගැනීම සඳහා කොළඹ මහාධිකරණයේ ලේඛකාධිවරයාගෙන් එම නඩුවට අදාල ලිපි ගොනුව අධිකරණ අමාත්‍යංශය ඉල්ලා තිබේ. අධිකරණ අමාත්‍යංශයේ සහකාර ලේකම් (නීති) ශාමිණී විජේතුංග මහත්මිය කොළඹ මහාධිකරණයේ ලේඛකාධිකාරී වරයාගෙන් අදාල දඩුවම ලබා දුන් විනිසුරුවරයාගේ නඩු තීන්දුව ද ලිඛිතව ඉල්ලා ඇත.

මෙම මිනීමරුවන් විසින් දෙහිවල හාමර් පෙදෙසේ ඉඩම් කැබැල්ලක් අයිතිකර ගැනීමේ අරමුණින් එකම පවුලේ තිදෙනකු 2003දී මරා දමන ලදී. මෙම විභාග කළ හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්.එම්.පී.බී වරාවැව මහතා තම වසර 28ක තම විනිසුරු දිවියේදී 40,000ක් පමණ නඩු විභාග කර ඇති බවත් මේ තුන් මිනී මැරුම ලංකා ඉතිහාසයේ අමානුෂික ඝාතනයක් බව සඳහන් කරන ලදි.

එසේම තමා තීන්දු දුන්නේ දෙවියන් බුදුන් ඉදිරියේදී පවා කෙලින් සිටගත හැකි අයුරින් යැයිද තම නඩු තීන්දු සියල්ල බුදු දහමට අනුකූල යැයිද අවධාරණය කල විනිසුරු වරාවැව වැරදි තීන්දු ලබාදෙන විනිසුරුවරයන් අපාගත වන බව පවසා සිටියා.

මෙම බිහිසුණු ඝාතන කල හැරිසන් ජයවීර හා කේ.ඩබ්.එෆ්. සුනිල් ශාන්ත යන මිනීමරුවන් කුලී ඝාතකයන් ලෙස ඉදිරි කාලයේදී දේශපාලනික උවමනාවන් මත යොදා ගැනීමේ අපේක්ෂාවෙන් මොවුන්ට මෙලෙස ජනධිපති සමාව ලැබෙන බව ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...