බි‍්‍රතාන්‍යයේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි 140 ක් අත්අඩංගුවට

එක්සත් රාජධානිය තුළ නීතිවිරෝධී ලෙස රැඳී සිටිමින් රැකියාවල නිරත විදේශිකයන් සොයා ඊයේ (01) සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයන් 140 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලන්ඩන්, ඩර්හැම්, මැන්චෙස්ටර්, වේල්ස් සහ සමර්සෙට් ප‍්‍රදේශවල සිදුකළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි බි‍්‍රතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය සඳහන් කළේ. නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් සේවයේ යොදවා ගන්නා බි‍්‍රතාන්‍යයේ හාම්පුතුන්ටද එමගින් සිදුකළේ අනතුරු ඇඟවීමක්. නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් සේවයේ යොදවා ගන්නා හාම්පුතුන්ට පනවන දඩ මුදලද දැන් පවුම් 10,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

hirunews

Check Also

එංගලන්තයේදී සිංහල කෙල්ලක්‌ සොරකුගේ ඉලඇට කඩයි

සුජිව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට මැයි මාසය කියන්නේ එංගලන්තයට වියළි කාලයක්‌. කුමක්‌ හෝ කාරණයක්‌ නිසා වසරේ ...

ශ‍්‍රී ලාංකිකයෙකුගේ බිරිද දරු දෙදෙනා ඝාතනය කර දිවි නසා ගනී.

එංගලන්තයේ ලන්ඩන්, බ්‍රෙන්ට්හි නිවසක් තුළ තිබී ශ්‍රී ලාංකිකයින් බවට සැක කරන මවකගේ සහ දරුවන් දෙදෙනකුගේ ...