බීබීසී වැඩසටහන් ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ නැවත ප්‍රචාරය අත්හිටුවයි

0
215

BBC ලෝක සේවයේ වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ ප‍්‍රචාරය කිරිම වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ති‍බේ.

සිය දෙමළ සේවයේ වැඩසටහන්වලට දිගින් දිගටම සිදුවන බාධා කිරීම් ‍හේතු‍වෙන් ‍මෙ‍ම තීරණය ගත් බව එහි අධ්‍යක්‍ෂ පීටර් හොරෙක්ස් මහතා පැවසු‍වේය.

ඉකුත් 16 සහ 18 යන දිනවලදී පළමුවරට එවැනි බාධා කිරීම් සිදුව ති‍බෙන අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ඒ බව දැනුම් දී තිබිය දීත් පෙරේදා දිනයේ ද නැවතත් බාධා කිරීම් සිදුවු බව පීටර් හොරෙක්ස් මහතා පැවසු‍වේය. ඒ නිසා දෙපාර්ශවය අතර ගිවිසුම උල්ලංගණය වු බවත් සිය වැඩසටහන්වල විශ්වසනීයත්වයට ද එයින් හානි වු බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ ක‍ළේය.