14.3 C
London
Sunday, December 7, 2025
spot_img

බුකර් සම්මානය දෙවන වරටත් හිලරි මැන්ටල්ට

බ්‍රිතාන්‍ය ජාතික ‍ලේඛිකා ‘හිලරි මැන්ටල්’ දෙවන වරටද පවුම් පනස්දහසක මුදල් ත්‍යාගයක් සමග පිරිනැමෙන ‘මෑන් බුකර්’ සම්මානය හිමිකරගැනීමට සමත් වූවාය. ඒ ඇගේ ‘වුල්ෆ් හෝල්’ (Wolf Hall) නවකතාවට අනුගාමීව රචනා කරන ලද ‘බ්‍රින්ග් අප් ද බොඩීස්’ (Bring up the Bodies) නැමැති කෘතිය වෙනුවෙනි. ඒ අනුව මැන්ටල්, මෑන් බුකර් සම්මානය දෙවරක් දිනාගත් ලොව එකම කාන්තාව හා එකම බ්‍රිතාන්‍ය ජාතිකයා බවට පත්වනු ඇත.
මැන්ටල් විසින් 2009 වසරේදීද ඇගේ වුල්ෆ් හෝල් නවකතාව වෙනුවෙන් මෑන් බුකර් සම්මානය හිමි කරගත්තාය. ‘තෝමස් කේ‍රාම්වෙල්’ පිළිබඳ ලියැවුණු මෙම නවකතා ත්‍රිත්වයේ තෙවැන්න වන ද මිරර් ඇන්ඩ් ද ලයිට් ‘The Mirror and the Light’ ඉදිරියේදී ප්‍රකාශයට පත්වනු ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles