14.3 C
London
Sunday, December 7, 2025
spot_img

බුද්ධ පාත්‍රය ඉන්දියාවට ඉල්ලයි

ඇෆ්ගනිස්ථානයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති ගෞතම බුද්ධ පාත්‍රය (භික්ෂා පාත්‍රය) යළි ඉන්දියාවට ලබා ගන්නැයි ඉන්දියා පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාස්ත්‍රීය ජනතාදාල් පක්ෂයේ නායක ආර් ප්‍රසාද් සිං ඉන්දියා රජයට බල කරයි.
බුදුන් වහන්සේ දඹදිව වැඩ සිටි සමයේ පිඩු සිඟා වැඩීමටත්, දන් වැළඳීමටත් පාවිච්චි කළ පාත්‍රය වෛශාලී නුවර (බිහාරයේ) ජනතාවගේ උරුමයක් බව කියන ඔහු බුදුන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 500දී පමණ පිරිනිවන් පෑම සඳහා කුසිනාරා නුවරට යෑමට පෙර එම පාත්‍රය වෛශාලී නුවර ජනතාවට දුන් බවත් වසර 500ක් පුරාම වෛශාලී නුවර වැසියන් එම පාත්‍රයට පුද පූජා කළ බවත් ඔහු කියයි.
පළමුවැනි සියවසේ ඉන්දියාව ආක්‍රමණය කළ කණිෂ්ක රජුගේ සේනාව මෙම පාත්‍රය එදා පුරිස්පුත්‍ර (අද පාකිස්තානයේ පෙෂාවෝර්) නුවරටත්, එතැනින් ගන්ධාරයටත් (කන්දහාර්) රැගෙන ගොස් ඇති බවත් සිං කියයි.
ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති මොහොමඩ් නජිබුල්ලා (1987-1992) එම පාත්‍රය් කාබුල් කටුගෙයි තැන්පත් කළ බවත් තම ඉල්ලීමට අන්තර් ජාතික බෞද්ධ සංවිධන හැටක් පමණ සහාය දක්වන බවත් ඔහු පවසයි.
මෙම පාත්‍රා ධාතුව ඉන්දියාවට ලබා ගැනීම සඳහා ක්‍රියා කරන බව හිටපු විදේශ ඇමැති එස් එම් ක්‍රිෂ්නා පැවසූ බව ඔහු කියයි.
චීන දේශ ගවේෂකයන් වන ෆාහින් හා හුඇං ට්සෑන් ද ඉන්දියාවේ ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස් ඇලෙක්සැන්ඩර් කනින්හැම් ද ආචාර්ය ස්වීදර් වාසුදේව්, සොහානි හා රොමිලා තපාර් යන ඉතිහාසඥයන් ද එම පාත්‍රය කණිෂ්ක අධිරාජයා විසින් රැගෙන යන බව තහවුරු කරන්නේයැයි ද ඔහු කියයි.

News :lankadeepa.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles